විදෙස් ගත වන්නන්ට සුභ ආරංචියක් - කටාර් රාජ්‍යයේ රැකියා සම්බන්ධයෙන් නවතම වැඩපිළිවෙළක්
ප්‍රමාදයට ලක්වූ කටාර් රාජ්‍යයේ ප්‍රමාණ සමීක්ෂකයන් සඳහා රැකියා අවස්ථා ලබා ගැනීම පිළිබඳව අදාළ පාර්ශ්වයන්ගේ අවධානයට යොමුකරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.
ශ්‍රී ලංකාවේ ප්‍රමාණ සමීක්ෂකයින් මැදපෙරදිග කලාපයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා 2016 වසරේ සිට ගත වූ කාලය තුළ මන්දගාමී අයුරින් ක්‍රියාත්මක වී ඇති බවයි ප්‍රමාණ සමීක්ෂකයින්ගේ සංගමය හා කටාර් රාජ්‍යයේ නියෝජිතයින් සමග පසුගියදා පැවති සාකච්ඡාවක දී හෙළි වී ඇත්තේ.
විශේෂයෙන් කටාර් රාජ්‍යය විසින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබා ගැනීමට නම් රැකියා වෘත්තීකයින්ගේ පුහුණුව සම්බන්ධ නිර්දේශිත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රි ලංකාව, ඉන්දියාව හා පිලිපීනය ඇතුළු රටවල් කිහිපයක් ඉල්ලා ඇතැයි සඳහන්.
එහෙත්, ශ්‍රි ලංකාව ඊට අදාළව ලබා දී ඇත්තේ ආයතන 3 ක් සම්බන්ධ වාර්තාවක් පමණක් බව ද හෙළි වී තිබෙනවා. එහිදී ඉන්දියාව ආයතන 50 ක් හා මාලදිවයින ආයතන 40 ක් නම් කර තිබූ බවත් ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ නිර්දේශවල යම් දුර්වලතා හේතුවෙන් මෙම රැකියා අවස්ථා අහිමි වී ඇති බවයි සඳහන් වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |
