ආබාධ සහිත පුද්ගලයින්ටත් මෙන්න රැකියා අවස්ථා
ආබාධිත පුද්ගලයින් රැකියාවලට ඇබ්බැහි කිරීමේ දී රාජ්‍ය අංශය උපරිම සාධාරණ මැදිහත්වීමක් සිදුකරන බවත්, මෙම ප්‍රජාවේ ගැටළු විසඳීමට පුද්ගලික අංශයත් තරයේ මැදිහත් විය යුතු බවත් කම්කරු හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
රාජ්‍ය ආයතන තුළ ආබාධිත පුද්ගලයින් සඳහා රැකියා අවස්ථා ලබාදීමේ පළමු වැඩසටහන අද (20) පැවැත්වීමේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළාය.
මෙම වැඩසටහන කම්කරු අමාත්‍යංශයේදි, ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ පාර්ලිමේන්තු සංසදයේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, එහිදී අමාත්‍ය ප්‍රනාන්දු මහතා තවදුරටත් කියා සිටියේ;
“සමස්ත සමාජයක් ලෙස අපි නිතරම කතා කරන Inclusivity එහෙමත් නැත්නම් ඔක්කොම එකට සිටීම. මෙහිදී සමාජයක කිසිවෙක් අත්හැරෙන්න බැහැ. අපි නිතරම Inclusive Society එකක් ගැන සාකච්ඡා කරනවා. නමුත් එම කාරණයේදී තවමත් අපිට ඒ කියන ප්‍රධාන පරමාර්ථය, අරමුණ සෑහීමකට පත්වෙන්න පුළුවන් තැනකට ඇවිත් නැහැ…
අපි අද විශේෂයෙන් කතා කරන්නේ රැකියාවලට කොහොමද ආබාධ සහිත පුද්ගලයන් සම්බන්ධීකරණය කරගන්නේ කියලයි. කම්කරු අමාත්‍යාංශය වශයෙන් අපි කොහොමද මැදිහත්වීම සහ දායකත්වය ලබාදෙන්නේ කියන කාරණයයි.
මෙහිදී මම සඳහන් කරනවා ප්‍රවේශ දෙකක්. අපි බොහෝදුරට දේවල් කරන්න උත්සහ කරන්නේ නීතිරීති මඟින්, කම්කරු දෙපාර්තමේන්තුව වශයෙන් අපි ආබාධ සහිත පුද්ගලයන්ට වගේම අනෙකුත් කම්කරු ක්ෂේත්‍රයට අදාළ නීතිරීති හදනවා. අපේ කණ්ඩායමකුත් හදලා තියෙනවා කම්කරු නීති සම්බන්ධයෙන් කටයුතු කරන්න. නමුත් නීතිය විසින් බලාත්මක කරලා එම කාර්යය කිරීම සියයට සීයක් සාර්ථක වන්නේ නැහැ. නීතියම අපේ හැසිරීමේ කොටසක් බවට පත්වුණොත් නීතියක් අවශ්‍ය වන්නේ නැහැ. එමනිසා ස්වයං පාලනයක්, විනයක් සහ ගරු කිරීමක් ප්‍රගුණ කළ යුතුයි. එමනිසා අපි නීතිය සාධාරණව හා නිසි පරිදි ඉෂ්ඨ කිරීම මඟින් එම බඳවාගැනීම් තුළින් ආබාධිත පුද්ගලයින් සවිබලගැන්වීම සහ එම සියලුදෙනා ආර්ථික ක්‍රියාවලියට එකතු කරගැනීමේ සඳහා අමාත්‍යාංශයක් ලෙස අවශ්‍ය කරන මැදිහත්වීම සිදුකරමු කියා යෝජනා කරනවා.”