රට රැකියාවලට යන්න ඉන්න අයට රැකියා අවස්ථාවන්.. - වැඩේ වෙන්නෙ මෙහෙමයි..
By krishani
මෙරට ජපාන තානාපති කාර්යාලය විශේෂ දැනුම්දීමක් සිදු කළේ ය.

ඒ පුහුණු ශ්‍රමිකයන් ලෙස ජපානයේ රැකියා අපේක්ෂා කරන්නන්ට නවාතැන් කර්මාන්ත ක්ෂේත්‍රයේ නව නිපුණතා පරීක්ෂණයක් මේ වසරේ මැයි මාසයේ දී ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන බවයි.
2022 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි හෙද සත්කාර, ආහාර සේවා සහ කෘෂි කර්මාන්තය, ඉදි කිරීම්, ගුවන්තොටුපල බිම් හැසිරවීම යන ක්ෂේත්‍ර සඳහා කුසලතා පරීක්ෂණවලට අයදුම් කළ හැකි බව සඳහන් වේ.
මේ අතර, මේ වසරේ සිට ඉදිරි වසර 5 ක කාල සීමාව තුළ විදේශ ශ්‍රමිකයින් 23,000 ක් බඳවා ගැනීමට ඇස්තමේන්තු කර ඇත.
ඒ හේතුවෙන් නවාතැන් කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා ජපානයේ සේවය කිරීමට කැමති ශ්‍රී ලාංකිකයින් ඉන් නිසි ප්‍රයෝජන ගනු ඇති බව මෙරට ජපාන තනාපති කාර්යාලය සඳහන් කළේ ය.