අනේ අපොයි, ජාර්කන්ඩ් ප්‍රාන්තයේ වල් අලියෙක් දින නවයට විසි දෙනෙක් මරල , මෙන්න විස්තරේ
By Kanchana
නැගෙනහිර ඉන්දියාවේ ජාර්කන්ඩ් ප්‍රාන්තයේ වන අලියකු පහර දීමෙන් දින නවයක් තුළ පුද්ගලයන් 20 දෙනකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම මාසය තුළ 1 දින සිට 9 දින දක්වා කාලය තුළදී බටහිර සිංභුම් ප්‍රදේශයේ ගම්වැසියන් 19 දෙනෙකු මෙන්ම වනජීවී නිළධාරියකු මෙලෙස මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
නමුත් තවමත් වනජීවී නිළධාරීන් ඩ්‍රෝන යානා භාවිතා කරමින් ලුහුබඳිමින් සිටියද පහරදීම් සිදුකරන අලියා තවමත් අල්ලා ගැනීමට නොහැකිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඒ වගේම අලියා සොයා ගැනීම සඳහා වනජීවී නිලධාරීන් 100 කට වැඩි පිරිසක් යොදාගන සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක බව එරට නිලධාරීන් සදහන් කර තිබේ.
එරට ප්‍රාදේශීය වනජීවී නිලධාරී කුල්දීප් මීනා "මෙය පෙර නොවූ විරූ තත්වයක්. කලාපයේ තනි අලියෙකු නිසා මෙවැනි මරණ සංඛ්‍යාවක් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි," යනුවෙන් පැවසු බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
තවද ඉන්දියාවේ එරට බලධාරීන් මියගිය පුද්ගලයන්ගේ පවුල් සදහා මූල්‍යමය වන්දි ප්‍රකාශයට පත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබේ.