ගමක්ම රත් වෙයි..දේවගැති ජෙරම්ට දැඩි විරෝධයක්..පොලීසියත් එයි..
By Sewvandhi
නාවලපිටිය - මීපිටිය ප්‍රදේශයේ පුනරුත්තාපන මධ්‍යස්ථානයක ඉදිකිරිම් නිරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවේ දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ ආරක්ෂක අංශ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් අතර උණුසුම්කාරී තත්වයක හටගත්තා.
ඒ එහි ආගමික මධ්‍යස්ථානයක ඉදිකිරීමක් සිදු කෙරෙන බවට ප්‍රදේශවාසින් චෝදනා කිරීමත් සමඟයි.
ගම්වාසින් චෝදනා කළේ, දරුවන් පුනුරුත්තාපනය කරන මධ්‍යස්ථානයක් ඉදි කරන බව පවසමින් අදාළ ස්ථානයේ ආගමික ස්ථානයක් ඉදි කිරිමට සැලසුම් කර ඇති බවටයි.
එම උණුසුම්කාරි තත්ත්වය පාලනය කිරිමට නාවලපිටිය පොලිසියේ නිලධාරින්ට මැදිහත් වීමට ද සිදු වුණා.