ජීවන්-ෂෙරීන් සහ සංගීතා CIDයට කැඳවයි.

Report

ජනප්‍රිය චිත්‍රපට නළුවකු හා දේශපාලනඥයෙකු වන ජීවන් කුමාරතුංග මහතාගෙන් සහ ඔහුගේ බිරිය ෂෙරීන් කුමාරතුංග මහත්මිය CID යට කැඳවා ප්‍රශ්න කර තිබෙනවා.

ඒ, මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින තිලිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන සඳහායි.

ඊට අමතරව ජනප්‍රිය චිත්‍රපට නිළියක සහ ප්‍රකට ව්‍යාපාරිකාවක් වන සංගීතා වීරරත්නගෙන් ද රහස් පොලිසිය ඊයේ (07) පැය 7ක් ප්‍රශ්න කර තිබෙනවා.

මෙම නළුවා සහ නිළියන් තිදෙනා තිලිණි ප්‍රියමාලිගේ ව්‍යාපාරවල මුදල් තැන්පත් කර ඇති බවට තොරතුරු රහස් පොලිසිය සතුව තිබූ බැවින් ඒ සම්බන්ධයෙන් ද රහස් පොලිසිය ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ ලබාගනු ලැබුවා.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW