ජපන් අගමැතිනියට විශිෂ්ට ජයක් ලැබේ?

Report

ජපානයේ පැවැති වුණු හදිසි මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන සනායේ ටකායිචිට විශිෂ්ට ජයක් හිමිවනු ඇතැයි සඳහන් වේ.

ඒ අනුව ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාට හෝ නායිකාවටය.සනායේ ටකායිචි, පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායිකාව ලෙස පක්ෂ අභ්‍යන්තරයේ පැවැති ඡන්දයෙන් තේරී පත් වූවාය.

ඒ අනුව, අග්‍රාමාත්‍ය ධුරය ද හිමිවිය. ජපන් අග්‍රාමාත්‍ය ධුරයට තේරී පත් වුණු පළමු කාන්තාව ඇය ලෙස ඉතිහාසයට එක් වේ. සනායේ ටකායිචි හදිසි මැතිවරණයක් පැවැත්වීමට තීරණය කළේ ඇයට ජනතා මනාපය ද අවශ්‍ය වී තිබුණු බැවිනි.

සුපිරි වෙළඳසැලක දරුණු ගින්නක්

සුපිරි වෙළඳසැලක දරුණු ගින්නක්

මැතිවරණ ප්‍රතිඵලවලින් පෙනී ගොස් ඇත්තේ ඇය නියෝජනය කරන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, පහළ මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය දිනා ගැනීමට සමත් වී බවය.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, රජයක් පිහිටුවා ඇත්තේ ජපන් නවෝත්පාදන පක්ෂය සමඟ සන්ධානගත වෙමිනි. ඒ අනුව, අවසන් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙද්දී, මෙම සන්ධානය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 366 ක් දිනා ගනු ඇතැයි පැවැසෙයි.

ජපන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන ගණන 465 ක් ලෙස වාර්තා වේ. 

කුඩා ළමුන් ගැන ඇග හිරිවැටෙන අනාවරණයක්

කුඩා ළමුන් ගැන ඇග හිරිවැටෙන අනාවරණයක්