ජපානයේ දූපතක් භූ කම්පනයෙන් කම්පනයට - ජනතාව බියෙන්

Report

ජපානයේ කගෝෂිමා ප්‍රාන්තයේ අකුසෙකිජිමා දූපතේ භූකම්පන තත්ත්වයක් ඇතිවී ඇති බව ජපාන මාධ්‍ය වාර්තා කරයි.

මෙම භූකම්පනය රික්ටර් පරිමාණයේ 5.5ක අගයක් ගෙන ඇත. කෙසේ වුවත්, මෙම භූකම්පනයෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව ජපාන මාධ්‍ය සඳහන් කළේය.

ටොෂිමා ගම්මානයේ නිලධාරීන් පවසන පරිදි, එම දූපතේ පදිංචිව සිටි 23 දෙනාගේ ආරක්ෂාව තහවුරු කර ඇති අතර, ඔවුන් මේ වන විට දූපතෙන් ඉවත් කර ඇත.

දිනෙන් දින රන් මිල අඩුවෙයි - ඔබේ අවස්ථාව දැන්ම!

දිනෙන් දින රන් මිල අඩුවෙයි - ඔබේ අවස්ථාව දැන්ම!

මේ අතර, ටොෂිමා ගම්මානයේ භූකම්පන මාලාවක් ඇතිවූ බවත්, ඊයේ (05) උදෑසන ජපාන වේලාවෙන් අකුසෙකිජිමා දූපතට රික්ටර් 5.4ක භූකම්පනයක් ඇතිවූ බවත් ජපාන මාධ්‍ය වාර්තා කරයි.

එසේම, පසුගිය මාසයේ සිට ටොකාරා දූපත් අසල භූකම්පන ක්‍රියාකාරකම් ඉහළ මට්ටමක පැවති බවත් ජපාන මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

රු.500 භාණ්ඩයට රු.37,000 බදු - මේකනේ ඕන වුනේ? දැන් හරිද?

රු.500 භාණ්ඩයට රු.37,000 බදු - මේකනේ ඕන වුනේ? දැන් හරිද?

මේ කවුද? දීපිකා පදුකෝන්ද නෑ නෑ දිනක්ෂි ප්‍රියසාද්

මේ කවුද? දීපිකා පදුකෝන්ද නෑ නෑ දිනක්ෂි ප්‍රියසාද්