ජපානය, අමෙරිකාව සහ කොරියාව යුද්ධයකට පැටලෙයි?..ජපානයට ඉහළින් ප්‍රබල මිසයිල.

United States of America Japan North Korea South Korea
By Aruna Oct 05, 2022 02:14 AM GMT
Aruna

Aruna

Report

ජපානයට එල්ල කරන බලපෑම් සඳහා එකටඑක කිරීමක් ලෙස අමෙරිකාව සහ දකුණු කොරියාව, උතුරු කොරියාව වෙත ප්‍රතිචාර දක්වමින් සිටිනවා.

ඒ මිසයිල ප්‍රහාර එල්ල කරමින්. ඒ අනුව අමෙරිකාව සහ දකුණු කොරියාව එක්ව ජපාන මුහුදු සීමාවට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

උතුරු කොරියාව ඊයේ බැලැස්ටික් මිසයිල අත්හදා බැලීමක නිරත වූ අතර එලෙස එල්ල කළ බැලැස්ටික් මිසයිලයක් ගමන් කර තිබුණේ ජපානයට ඉහළින්.

වසර 05 කට පසුව උතුරු කොරියාවේ මිසයිලයක් ජපානයට ඉහළින් ගමන් කළ පළමු අවස්ථාව ද එය වුණා.

කෙසේවෙතත් මෙම සිද්ධිකය පදනම් කර ගනිමින් කොරියානු අර්ධද්වීපය තුළ යළිත් මතභේදාත්මක තත්ත්වයක් වර්ධනය වෙමින් ඇති බවයි ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ.

ඊට හේතුවී ඇත්තේ ජපානය වෙනුවෙන් අමෙරිකාව සහ දකුණු කොරියාව නැගී සිටීමයි.

ඒ අනුව අමෙරිකාව සහ දකුණු කොරියාව එක්ව ජපන් මුහුදු සීමාව ඉලක්ක කර මිසයිල 04 ක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එලෙස එල්ල කර ඇත්තේ අමෙරිකාවේ නිෂ්පාදිත මිසයිලයි.

දකුණු කොරියාව විසින් එල්ල කළ මිසයිලයක් අනතුරකට ලක්ව ඇති නමුත් ඉන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කෙසේවෙතත් අමෙරිකාවේ හා දකුණු කොරියාවේ මෙම මිසයිල මෙහෙයුම සම්බන්ධයෙන් උතුරු කොරියාව මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now