හිටපු ඇමති ජනකගේ අතිශය පෞද්ගලික තොරතුරු රැසක් සමාජ මාධ්‍යයට මුදා හැරලා - නීතිමය පියවර ගනියි

Report

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායකගේ ජීවිතය හා සම්බන්ධ අතිශය පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍ය ජාලයට මුදාහැර තිබේ.

ඒ අනුව ඒ සම්බන්ධයෙන්, ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම්වරිය ඇතුළු පාර්ශ්ව කිහිපයකට එරෙහිව පවරා ඇති නඩුව ජනවාරි 05 වන දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් යළි නඩුව කැඳවීමට නියෝග කරන ලදී.

එම අවස්ථාවේදී, නඩුවේ තුන්වන වගඋත්තරකරු කමන්ත තුෂාර සහ හයවන වගඋත්තරකරු ඕෂල හේරත් නඩුවෙන් නිදහස් කිරීමට නියෝග කරන ලදී. මෙම සිද්ධිය සම්බන්ධයෙන්, හිටපු මහජන උපයෝගීතා කොමිෂන් සභාපති ජනක රත්නායකගේ පෞද්ගලික තොරතුරු අන්තර්ජාලය ඔස්සේ මුදාහැරීම සම්බන්ධව පෙත්සමක්, පූර්වාගාමී මහේස්ත්‍රාත්වරයා විසින් ඔහුගේ හිටපු ලේකම්වරිය ඇතුළු වගඋත්තරකරුවන් 08 දෙනකුට කොන්දේසි සහිත ආඥා නිකුත් කර තිබේ.

රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක්

රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක්

වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති අය වනුයේ,පී.අයි. ඒ. ගයත්‍රි බිම්බා,ඕෂල හේරත්,යසලාල් පෙරේරා,කවිශ්වර ගුණරත්න,ජාමුණි කමන්ත තුෂාර පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා පෙන්වා දක්වූයේ, තමා යටතේ සිටි ලේකම්වරිය ඇතුළු වගඋත්තරකරුවන් කිහිපදෙනෙකු ජනක රත්නායකගේ පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කර ඇත බව හෝ එම තොරතුරු සංසරණය කිරීමට උත්සාහ ගන්නා බවයි. මෙම පෙත්සම 2024 අංක 9 දරණ මාර්ගගත ආරක්ෂණ පනතේ 24 වන වගන්තිය යටතේ ඉදිරිපත් කර තිබේ.

නායයෑම් රතු නිවේදනයක් - දිස්ත්‍රික්ක හතරක් අවදානමේ

නායයෑම් රතු නිවේදනයක් - දිස්ත්‍රික්ක හතරක් අවදානමේ