දිවයිනට පැමිණි ජයිශංකර් අද ජනපති ඇතුළු ප්‍රබලයෝ රැසක් හමුවෙයි
දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට නියමිතව ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව මෙම හමුව අද (23) පෙරවරුවේ දී පැවැත්වෙන බව සඳහන්.
එසේම මෙම සංචාරය තුළ දී එස්. ජයිශංකර් මහතා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද හමුවීමට නියමිත බව පවසයි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ඊයේ (22) දින පස්වරුවේ ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් මෙරටට පැමිණ තිබුණා.
ඒ අනුව ඔහු මෙම සංචාරය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ නියෝජිතයෙකු වශයෙන් සිදුකරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශ වාර්තා කළා.
මෙම සංචාරයේ අරමුණ වී ඇත්තේ දිට්වා සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ සහයෝගය තවදුරටත් තහවුරු කිරීමයි.
ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සංචාරය නිමාකර අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවයි.