ගුරුවරු පත් කිරීමේදී ස්ථාන මාරු කිරීමේදී සහ නිලධාරීන් පත් කිරීමේදී මෙහෙම කරන්න එපා - අගමැති

Report

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ජාතික පාසල්, පළාත් පාසල් බේදය අමතක කර මෙරට සෑම පාසලකම සිටින දරුවන්ට ඉහළම අධ්‍යාපනයක් ලබා ගැනීමේ අවස්ථාව තහවුරු කළ යුතු බව ප්‍රකාශ කළා.

අද (21) දින පෙරවරුවේ කිලිනොච්චිය නෙළුම් පියස පරිශ්‍රයේදී ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන 2023 හා 2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයින් ඇගයීමේ උතුරු පළාත් වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.

එසේම එහිදී ජනතාවට අයිති ජනාධිපති අරමුදල තවදුරටත් ජනතාවට සමීප කරමින් මෙරට දූ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඉටු කරනු ලබන කාර්යභාරයද අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට ලක් වුණා.

නායයෑම් අවදානම් සහිත පාසල් වෙනත් ස්ථානයකට ගෙන යන්න තීරණයක්

නායයෑම් අවදානම් සහිත පාසල් වෙනත් ස්ථානයකට ගෙන යන්න තීරණයක්

එසේම, "ජාතික - පළාත් බේදය අමතක කරන්න. ඒ සෑම පාසලකම සිටින්නේ අපේ දරුවන්. ඒ සියලු දරුවන්ට ඉහළ අධ්‍යාපනයක් ලැබීමේ අයිතිය තහවුරු කළ යුතුව තිබෙනවා. එම නිසා ගුරුවරු පත් කිරීමේදී, ස්ථාන මාරු කිරීමේදී සහ නිලධාරීන් පත් කිරීමේදී යාපනය ගැන විතරක් හිතන්න එපා. අනිකුත් දිස්ත්‍රික්කවල පිහිටි සියලුම පාසල් ගැන හිතලා එකම හැන්දෙන් බෙදන්න. ඔබ සැබෑ දක්ෂයින්. මෙතැන සිටින ඔබ විශ්වවිද්‍යාලයට ගිහින් යළිත් උතුරු පළාතට සේවයක් කිරීමට එන බව මට විශ්වාසයි. තව වසර තුන හතරකින් උතුරු ප්‍රදේශය පිළිබද තින්දු තිරණ ගන්නේ ඔබයි. එවිට ඔබ උතුරු පළාතේ දියුණුව ගැන සිතා මැදිහත් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. රජයක් විදිහට අප මේ මැදිහත් වීම කරන්නේ ඒ දියුණුව ගැන සිතා බව කිව යුතුයි."

ගණනය නොකර කටට එන ඒවා කිව්වාම පහුකාලීනව ප්‍රශ්න වෙයි - නාමල්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්

ගණනය නොකර කටට එන ඒවා කිව්වාම පහුකාලීනව ප්‍රශ්න වෙයි - නාමල්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්

මෙම අවස්ථාවේදී වව්නියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය සහ යාපනය යන දිස්ත්‍රික්කවල උසස් පෙළ සමත් සිසු සිසුවියන් 274 දෙනකු ඇගයීමට ලක් කරමින් රුපියල් ලක්ෂය බැගින් දිරි දීමනාවක් සහ සහතික පත් ප්‍රදානය කිරීම සිදු විය. මේ සඳහා ජනාධිපති අරමුදල රුපියල් මිලියන 2.74ක් වැය කර තිබෙනවා.

එමෙන්ම දිවයිනේ පළාත් මට්ටමින් ආරම්භ වූ මෙම වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහන මෙය වන අතර, මේ අනුව ජනාධිපති අරමුදල 2023 හා 2024 උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබූ සිසු සිසුවියන් 3000ක් ඇගයීමට ලක් කර තිබෙනවා.  

දරුවගේ පන්තිය ඉස්සරහට ගිහින් ඔයාගේ අම්මා බල්ලෙක් වගේ හැසිරෙන්නේ කියලා - සිරිමාවෝ විදුහල්පතිනියට තවත් චෝදනා රැසක්

දරුවගේ පන්තිය ඉස්සරහට ගිහින් ඔයාගේ අම්මා බල්ලෙක් වගේ හැසිරෙන්නේ කියලා - සිරිමාවෝ විදුහල්පතිනියට තවත් චෝදනා රැසක්