දිස්ත්‍රික්ක 22කට දැඩි අකුණු අනතුරු ඇඟවීම් - අද පස්වරු 1.00න් පසු හදිසි ඇම්බර් නිවේදනයක්
දිවයිනේ දිස්ත්‍රික්ක 22ක ප්‍රදේශ කිහිපයකට බලපාන පරිදි දැඩි අකුණු සහිත වැසි ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
ඒ අනුව, අද (04) පස්වරු 1.00න් පසු ප්‍රදේශ රැසක තද අකුණු සහිත ගිගුරුම් වැසි ඇති විය හැකි බැවින් ඇම්බර් මට්ටමේ කාලගුණ උපදේශනයක් නිකුත් කර ඇත.
දැඩි අකුණු හේතුවෙන් යටිතල පහසුකම් සහ දේපළවලට හානි සිදුවීමේ අවදානමක් පවතින අතර, එළිමහන් කටයුතුවලට මෙන්ම විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ ක්රියාකාරීත්වයටද බාධා ඇති විය හැකි බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී ආරක්ෂිත ගොඩනැගිල්ලක් තුළ රැඳී සිටින ලෙසත්, ගස් යට හෝ විවෘත ස්ථානවල නවාතැන් ගැනීමෙන් වළකින ලෙසත් ජනතාවට උපදෙස් දී තිබේ. එමෙන්ම, කුඹුරු, තේ වතු සහ විවෘත ජල කඳන් ආශ්රිත ප්‍රදේශවල රැඳී සිටීමෙන් වළකින ලෙසද මහජනතාවට දැනුම් දී ඇත.
අකුණු පවතින අවස්ථාවලදී විදුලි සැපයුමට සම්බන්ධ රැහැන් සහිත දුරකථන සහ විදුලි උපකරණ භාවිත නොකරන ලෙසද උපදේශනයේ සඳහන් වේ.
තවද, බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වැළකී සිටින ලෙසත්, කඩා වැටුණු ගස් සහ විදුලි රැහැන් පිළිබඳව විශේෂ අවධානයෙන් පසුවන ලෙසත් ජනතාවට උපදෙස් දී තිබේ.
හදිසි ආපදා තත්ත්වයකදී සහාය ලබාගැනීම සඳහා අදාළ ප්‍රාදේශීය ආපදා කළමනාකරණ බලධාරීන් සම්බන්ධ කරගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී. අදාළ උපදේශනයට අනුව බලපෑමට ලක්විය හැකි ප්‍රදේශ දැක්වෙන සිතියම සහ දිස්ත්‍රික්ක ලැයිස්තුව පහතින් දැක්වේ.
ඉදිරි පැය 36 තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්
