1000cc අධි බලැති බයික්වලට ලංකාවේ අවසර ලැබෙයිද? - රජයෙන් විශේෂ කමිටුවක් පත් කරයි

Report

ක්‍රීඩා කටයුතු ඇතුළු විශේෂ අවශ්‍යතා සඳහා එන්ජින් ධාරිතාව 1,000cc ඉක්මවන අධි බලැති යතුරුපැදි භාවිතයට අවසර ලබාදීම පිළිබඳව රජයේ අවධානය යොමුව තිබේ.

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බවයි.

එම කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් අවසන් තීරණයක් ගැනීමට රජය අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.

1,000cc ඉක්මවන එන්ජින් ධාරිතාවක් සහිත යතුරුපැදි සම්බන්ධයෙන් දැනට පවතින නීතිමය සීමාවන් ලිහිල් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු කරන්නේදැයි සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග රත්නායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

විශේෂයෙන්ම ධාවන පථවල හෝ ඒ සඳහා සුදුසු වෙනත් ස්ථානවල දැඩි නියාමන කොන්දේසි යටතේ මෙවැනි යතුරුපැදි භාවිත කිරීමට අවසර ලබාදීමේ හැකියාව පිළිබඳවද මන්ත්‍රීවරයා විමසා සිටියේය.

එමෙන්ම, මේ වන විට පොලිස් භාරයේ පවතින අධි බලැති යතුරුපැදි කිහිපයක් නිදහස් කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද ඔහු ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අවධාරණය කළේ, අදාළ කමිටුවේ නිර්දේශ ලැබීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව රජය අවසන් තීරණයකට එළඹෙන බවයි.

LAUGFS ගෑස් පාරිභෝගිකයින්ට සුබ ආරංචියක් - ලාෆ්ස් සමාගමෙන් විශේෂ නිවේදනයක්

LAUGFS ගෑස් පාරිභෝගිකයින්ට සුබ ආරංචියක් - ලාෆ්ස් සමාගමෙන් විශේෂ නිවේදනයක්