හිස් මත්පැන් බෝතල්වලට ගන්න කලින් තියපු Deposit එක ඉහළට - බෝතලය ආපසු දෙද්දී ලැබෙන මුදලත් වැඩිවෙයි
By Kanchana
හිස් මත්පැන් බෝතල් ආපසු භාරදීමේදී අයකරනු ලබන තැන්පතු මුදල් ඉහළ දැමීමට මත්පැන් නිෂ්පාදන සමාගම් පියවර ගෙන තිබේ. මත්පැන් බෝතල් නිෂ්පාදනය සඳහා වැයවන පිරිවැය ඉහළ යාම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව, මිලිලීටර් 750ක හිස් මත්පැන් බෝතලයක් සඳහා මෙතෙක් අයකළ රුපියල් 60ක තැන්පතු මුදල රුපියල් 100 දක්වා ඉහළ දමා තිබේ.
එමෙන්ම, භාග බෝතලයක් සඳහා අයකළ රුපියල් 40ක තැන්පතු මුදල රුපියල් 70 දක්වාත්, කාල බෝතලයක් සඳහා අයකළ රුපියල් 20ක තැන්පතු මුදල රුපියල් 30 දක්වාත් ඉහළ නංවා ඇත.
මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමයේ සභාපති අජිත් උඩුගම මහතා මේ බව සඳහන් කර තිබේ. ඒ අනුව, සියලුම ප්‍රමාණයේ හිස් මත්පැන් බෝතල් සඳහා අයකරනු ලබන තැන්පතු මුදල් ඉහළ දැමීමත් සමඟ පාරිභෝගිකයින්ට හිස් බෝතල් ආපසු භාරදීමේදී ලැබෙන මුදල ද ඉහළ යනු ඇත.