සුළු මොහොතකට පෙර හිටපු කැබිනට් අමාත්‍ය බිරිඳක් ගොඩනැගිල්ලකින් වැටී මරුට
හිටපු කැබිනට් අමාත්‍ය මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ජගත් පුෂ්පකුමාරගේ බිරිද හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙසේ මරණයට පත්ව ඇත්තේ දේශානි ගුණරත්න (55) නම් දෙදරු මවක් වන අතර ඔවුන්ට අයත් අළුතින් ඉදිකරන ගොඩනැගිල්ලක දෙවන මහලෙන් බිමට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
ඇය කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි අද (19) උදෑසන මියගොස් තිබේ.
දේහය තණමල්විල ඔවුන්ගේ නිවසට රැගෙන යාමට නියමිතයි.
