රියදුන්ට පොලිසියෙන් දැඩි නීතියක් - නොකළොත් රු 1,000ක දඩ මුදලක්

Report

පොලිසිය පවසන්නේ සැප්තැම්බර් 19 වන දින සිට අධිවේගයට ඇතුළු කරන සියලු වාහන සඳහා ආසනපටි පැලඳීම අනිවාර්ය බවයි. රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා අධිවේගයේ රියදුරන්ට සහ මගීන්ට ආසනපටි පැලඳීම ගැන විශේෂ දැනුම්වත් කිරීමක් මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ, සියලු මගීන් ආසනපටි පැලඳීම අනිවාර්ය වන අතර එම නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවය.

වාහන හිමියන්ට දරුණු ප්‍රශ්ණයක් - වාහන අංක තහඩු ගැන දැනුම්දීමක්

වාහන හිමියන්ට දරුණු ප්‍රශ්ණයක් - වාහන අංක තහඩු ගැන දැනුම්දීමක්

වැඩිදුරටත් ඔහු පැවසුවේ ආසනපටි නොමැතිව ගමන් කරන පුද්ගලයෙකුට රු 1,000ක දඩ මුදලක් පැනවිය හැකි බවයි. එමෙන්ම අධිවේගී බස් රථවල ආසනපටි නොපැලඳ සිටින මගීන්ගෙන් එම දඩ මුදල අයකර ගැනීමට නීතිමය හැකියාවක් පවතින බවද ආසනපටි පැලඳීමේ අවශ්‍යතාව ශ්‍රී ලාංකික ජනතාව දැඩිව තේරුම් ගත යුතු බවද ඔහු පැවසුවේය.

එමෙන්ම සියලුදෙනාගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර, මේ වනවිට සිදුවන අනතුරුවලින් ආසනපටි නොමැති වීමෙන් සිදුවන ජීවිත හානි ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ඔහු පැවසුවේය.

රියදුරන්ට පොලිසියෙන් නිවේදනයක් - වාහනේ සහ ඔබේ විස්තර ප්‍රවේශමෙන්

රියදුරන්ට පොලිසියෙන් නිවේදනයක් - වාහනේ සහ ඔබේ විස්තර ප්‍රවේශමෙන්

මේ අතර, - මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති, මංජුල කුලරත්න මහතා පවසා සිටියේ, ආසන පටි නොමැති වාහන සඳහා ආසනපටි සවිකර ගැනීමට ලබාදී තිබූ සහන කාලයද සැප්තැම්බර් මස 19 වන දිනෙන් අවසන් වන බවය. 2025 සැප්තැම්බර් මස 25 දින නිකුත් කළ 2455/29 දරණ ගැසට් නිවේදනය අනුව අධිවේගයේ සියලු වාහන සඳහා ආසනපටි පැලඳීමේ නීතිය ක්‍රියාත්මක වීමට නියමිත බවය.