යාපනයෙන් චෙන්නායි යන්න තිබුණ ඉල්ලුම

By Sithumi Dec 25, 2022 02:19 PM GMT
Sithumi

Sithumi

Report

යාපනය - චෙන්නායි ගුවන් යානය  මගීන්ගෙන් පිරි ගිය බව යාපනය ජාත්‍යාන්තර ගුවන්තොටුපොළ මෙහෙයුම් කළමනාකාර ලක්ෂ්මන් වන්සේකරය මහතා පවසනවා.

තවද ඒ මහතා පැවසූයේ, යාපනය හා චෙන්නායි අතර ගුවන් ගමන් යළි ආරම්භ කර  අටවන ගුවන් යානය ලෙස චෙන්නායි සිට යාපනයට පැමිණි යානයේ මගීන් 60 දෙනකු ගමන් කළ අතර එම යානයෙන් මගීන් 48 දෙනකු චෙන්නායි වෙත ගිය බවයි.  

යාපනය - චෙන්නායි අතර ගුවන් ගමන්  සඳහා යොදවා ඇති එලායන්ස් එයාර් යානයේ මගීන් 60ක ගමන් කිරීමේ පහසුකම් තිබේ.