රජයේ විශ්වවිද්‍යාලයක ගැටුමක් - 06ක් රෝහල්ගත කරයි.. එක් සිසුවෙක්ට බරපතළයි..
Sri Lanka Police
Jaffna
By krishani
යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් නිසා ශාස්ත්‍ර පීඨයේ තුන්වන වසරේ සිසුන් සිව්දෙනෙකුගේ පන්ති තහනම් කර ඇත.
ඊයේ (25) සිට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් අදාළ සිසුන් හට විශ්වවිද්‍යාල භූමිය තහනම් ප්‍රදේශයක් ලෙස ද නම් කර ඇත.
ශාස්ත්‍ර පීඨයේ තෙවැනි වසරේ සිසුන් පිරිසක් 24 වැනි දින රාත්‍රියේ පොලු රැගෙන ගොස් දෙවැනි වසරේ සිසුන් හය දෙනෙකුට පහර දී ඇත.
තුවාල ලැබූ එම සිසුන් යාපනය රෝහලට ඇතුළත් කර ඇති අතර පහරකෑමෙන් එක් සිසුවෙකුගේ හිසට හා උරහිසට තදබල ලෙස පහර එල්ල වී සිසුවා බරපතළ තත්ත්වයේ පසුවන බව ද රෝහල් ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |