ඊශ්‍රායිලයට යාමට ගුවන් ටිකට්පත් ගැනීමට තවත් දින කහිපයක් යාවි

SriLankan Airlines Latest Headlines Sinhala news Iran-Israel War Israel-Iran conflict
By Mithu Jun 26, 2025 09:50 AM GMT
Mithu

Mithu

Report

ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායලයට ගමන් කිරීමට සැලසුම් කරන පුද්ගලයින්ට ගුවන් ටිකට්පත් ලබා ගැනීම සඳහා තවත් දින ගණනාවක් බලා සිටීමට සිදුවන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි. ඊශ්‍රායලයේ වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මෙම ප්‍රකාශය කර ඇත. ඊශ්‍රායලයේ වත්මන් තත්ත්වය.

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කරයි

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කරයි

(යාවත්කාලීන කිරීම 13.00 [lsrael – 25 ජුනි 2025) 1

ඉරානය හා ඊශ්‍රායලය විසින් එකඟ වූ සටන් විරාමය ඊයේ සිට මේ දක්වා ක්‍රියාත්මක වන අතර ඒ අනුව දෙපාර්ශවයම ප්‍රහාර එල්ල කිරීමෙන් වැලකි සිටිති.

2. දින 12ක යුධ සමයේ සිවිල් ජනයාට පනවා තිබූ සමූහ ඒකරාශීවීම් පිළිබඳව රෙගුලාසි ඉවත් කර ඇති බැවින් ඊශ්රායිල් ජනතාව ඊයේ සවස් කාලයේ කණ්ඩායම් වශයෙන් මුහුදු වෙරළ කලාපවල හෝ උද්යානවල් සිටිනු දක්නට ලැබුණි.

3. ටෙල්අවිව් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගුවන් ගමන් සඳහා විවෘත කොට ඇත. මේ දක්වා ක්‍රියාත්මක වන්නේ ඊශ්රායිල් ගුවන් සමාගම් විසින් මෙහෙයවන ලද ගුවන් ගමන් පමණි. අද රාත්‍රියේ FLY-DUBAI හා Hl-SKY ගුවන් සමාගම් විසින් තම ගුවන් ගමන් ටෙල් අවිව් දක්වා පියාසර කිරීමට නියමිතය.

4. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායලය බලා පැමිණීමට අපේක්ෂා කරන පිරිසට තම ගමන් වාරය සඳහා ගුවන් ටිකට්පත් ලබා ගැනීමට තව දින ගණනාවක් ගතවනු ඇත.

5. අද දින ජෝර්දානයේ අම්මාන් නුවර හරහා නවදිල්ලිය දක්වා ගමන් කිරීමට නියමිතව තුබූ ඉන්දියන් ගුවන් සමාගමට අයත් ගුවන් යානාව අවලංගු කොට තිබේ. එයට හේතුව වී ඇත්තේ ඉන්දියාව බලා යාමට සිටි බොහෝ දෙනෙකු යුද්ධය අවසන් වීමත් සමඟම ඊශ්‍රායලයේ රැදී සිටීමට තීරණය කිරීමයි. මෙම යානයේ ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු ගමන් කිරීමට සිටි අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු හැර අන් 15 දෙනා ශ්‍රී ලංකාවට ගමන් කිරීම කල් තබා ඇත.

සජින් වාස් ගුණවර්ධනට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

සජින් වාස් ගුණවර්ධනට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

6. ඊශ්‍රායලයට නිසිපරිදි ගුවන් යානා පැමිණීම ප්‍රමාද වන්නේ නම් ඊජිප්තුවේ කයිරෝ ගුවන් තොටුපල හරහා ශ්‍රී ලංකාවට යාමට අවස්ථාව තිබේ. එම මාර්ගයේ දැනට අට දෙනෙකු ශ්‍රී ලංකාවට ගොස් ඇති අතර මේ හරහා ගමන් කිරීමට අපේක්ෂා කරන පිරිසට තානාපති කාර්යාලයේ සහාය ලබා ගත හැක.

ReeCha