හත්වන මාසයටත් ක්‍රියාත්මක ඊශ්‍රායල් අඛණ්ඩ විරෝධතා.

Israel
By krishani Jul 09, 2023 05:27 AM GMT
krishani

krishani

Report

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් තෙන්යාහුගේ අධිකරණ ප්‍රතිසංස්කරණ ඇතුළු නව ආණ්ඩු ප්‍රතිසංස්කරණ සැලසුම්වලට එරෙහිව එරට අඛණ්ඩව විරෝධතා ව්‍යාපාර පැවැත් වේ.

එනම් හත්වන මාසයටත් එරට මේ වනවිට අඛණ්ඩ විරෝධතා පැවැත් වේ.

මෙම ප්‍රතිසංස්කරණ හේතුවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි පහරක් එල්ල විය හැකි බව පවසමින් මෙම විරෝධතා ආරම්භ විය.

එහි ආරම්භය පසුගිය ජනවාරි මාසයේදි සිදු වූ අතර ඊයේ දිනයේත් ටෙල්අවිව් නගරයට දහස් ගණනක් රැස්වෙමින් විරෝධතා පැවැත්විණ.