ලෙබනනයට බිහිසුණු ප්‍රහාරයක් - විනාඩි 30කින් හිස්බුල්ලා මූලස්ථාන 10ක් විනාසයි
ලෙබනනයේ බීරූට් නගරයේ පිහිටි හිස්බුල්ලා මූලස්ථාන 10 ක් වෙත ඊශ්‍රායලය විසින් මිනිත්තු 30 ක් ඇතුළත එල්ල කළ ප්‍රහාර හමුවේ පුද්ගලයන් හත් දෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇත.
ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා තිබේ.
මෙම ප්‍රහාරයන්ට ප්‍රතිචාර දක්වමින් හිස්බුල්ලා සංවිධානය උතුරු ඊශ්‍රායලය දෙසට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන් වේ.