තවත් ප්‍රබල රටකින් ලංකාවට ආධාර තොගයක්

Report

ඊශ්‍රායලය, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩිත ශ්‍රී ලංකාවට හදිසි මානුෂීය ආධාර සපයයි. ඒ අනුව ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිදුවූ ජීවිත හානි සහ විනාශය සම්බන්ධයෙන් ශෝකය පළ කරමින්, ඊශ්‍රායල තානාපති කාර්යාලය ඉන්දියාවෙන් ශ්‍රී ලංකාව වෙත හදිසි මානුෂීය ආධාර තොගයක් පරිත්‍යාග කර තිබේ.

නවදිල්ලියේ නිකුත් කරන ලද නිවේදනයක් අනුව, ඊශ්‍රායල රජය සහ එරට විදේශ කටයුතු අමාත්‍යාංශය (MASHAV) ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමඟ සහයෝගයෙන් සිටිමින්, බලපෑමට ලක් වූ ප්‍රදේශවල හදිසි අවශ්‍යතා සපුරාලීමට මෙම ආධාර සපයා ඇත. මෙම ආධාර තොගයේ නැමිය හැකි ඇඳන්, ශල්‍ය අත්වැසුම් ,සනීපාරක්ෂක කට්ටල,මදුරු දැල් ,පවර් බෑන්ක් ,වැහි කබා,මෙට්ට,ජල ටැංකි,ළදරු උපකරණ ඇසුරුම් ආදිය ඇතුලත් වේ.

රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක්

රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක්

මෙම ආධාර බෙදා හැරීම සහ මෙහෙයුම් සම්බන්ධීකරණය ඊශ්‍රායල තානාපති කාර්යාලයේ දේශපාලන උපදේශිකා හදාස් බැක්ස්ට් විසින් සම්බන්ධ විය.

තානාපති කාර්යාලය සඳහන් කරන්නේ, මෙම ආධාරය ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය පිළිබිඹු කරන අතර, මෙම දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රයත්නයන්ට අඛණ්ඩව සහාය වීමට ඊශ්‍රායලය සූදානම් බවයි.

දෙවියනේ සුනාමි අනතුරු ඇගවීමක් එක්ක ප්‍රබල භූකම්පනයක්

දෙවියනේ සුනාමි අනතුරු ඇගවීමක් එක්ක ප්‍රබල භූකම්පනයක්