2,819 දෙනෙකුට රජයේ රැකියා අවස්ථාවක් - මෙන්න විස්තරේ

Report

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින හෙද විදුහල්වල තුන් අවුරුදු උසස් ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ 2020 ශිෂ්‍ය හෙද කණ්ඩායමේ අභ්‍යාසලාභීන් 2,819 දෙනෙකු තුන්වන ශ්‍රේණියේ හෙද නිලධාරීන් ලෙස මෙරට සෞඛ්‍ය සේවයට බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 01 වැනිදා අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේදී පත්වීම් ලබන නව හෙද නිලධාරීන් දිවයින පුරා පිහිටි මධ්‍යම රජයේ සහ පළාත් සභා රෝහල් වෙත අනුයුක්ත කිරීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අනතුරට - කුරුල්ලෙකු ගැටීම නිසා ගුවන් යානයේ දෝෂයක් - අනූනවයෙන් බේරුණු ගුවන් යානය

ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අනතුරට - කුරුල්ලෙකු ගැටීම නිසා ගුවන් යානයේ දෝෂයක් - අනූනවයෙන් බේරුණු ගුවන් යානය

2019 සහ 2020 අ.පො.ස. උසස් පෙළ විද්‍යා හා ගණිත විෂය ධාරාවන්ගෙන් පෙනී සිටි මොවුන්, 2023 අගෝස්තු මාසයේදී දිවයින පුරා පිහිටි හෙද විදුහල් 15කට ඇතුළත්ව මෙම පාඨමාලාව හැදෑරූ අතර, මෙම බඳවාගැනීම් හරහා මෙරට රෝහල්වල පවතින හෙද මානව සම්පත් හිඟයට විශාල විසඳුමක් ලැබෙනු ඇත.

කොරියානු භාෂා පරීක්ෂණ අපේක්ෂකයින්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ දැනුම්දීමක් - වහාම තහවුරු කරගන්න

කොරියානු භාෂා පරීක්ෂණ අපේක්ෂකයින්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ දැනුම්දීමක් - වහාම තහවුරු කරගන්න

මෙම පත්වීම් ප්‍රදානයට සමගාමීව, පළමු ශ්‍රේණියේ හෙද නිලධාරීන් (රෝහල් සේවා) 76 දෙනෙකු විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් ලෙස උසස් කිරීමට අදාළ උසස්වීම් ලිපි ප්‍රදානය කිරීම ද සිදු කිරීමට නියමිතය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරුන් වන වෛද්‍ය හංසක විජේමුණි, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වීමට නියමිතව ඇත.