ඊශ්රායලයම අවිනිශ්චිත තත්ත්වයක - ඡන්දවලින් 90%කට ආසන්න ප්රමාණයක් ගැන්නත් උත්තරයක් නෑ - අද සවස වෙනකල් මුළු රටම බලාගෙන
ඊශ්රායල මැතිවරණයෙන් පැහැදිලි ජයග්රාහකයෙකු තවමත් මතු වී නොමැති අතර, ඡන්දවලින් 90%කට ආසන්න ප්රමාණයක් ගණන් කර අවසන් වන විට, ප්රධාන දේශපාලන කණ්ඩායම් දෙකටම රජයක් පිහිටුවීමට අවශ්ය ආසන 61ක සංඛ්යාව ලබා ගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.
ඊයේ(28) දින දේශීය වේලාවෙන් රාත්රී 9 (GMT වේලාවෙන් 19:00ට) වන විට ඡන්ද මිලියන පහකට වඩා ගණන් කර අවසන් කර ඇති බව ඊශ්රායල මධ්යම මැතිවරණ කමිටුව සඳහන් කළා.
නෙතන්යාහු පැරදිලා.. ඊශ්රායලයම උණුසුම් - ප්රතිඵල එන්නත් පෙරම හිටපු අගමැති නෆ්තාලි නෙතන්යාහුව ගෙදර යවන්න හදයි
ඒ අනුව ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහුගේ කණ්ඩායම, සාමාජිකයින් 120කින් සමන්විත ඊශ්රායල පාර්ලිමේන්තුවේ (Knesset) ආසන 53ක් දිනා ගැනීමට නියමිතව සිටින අතර, ගාඩි අයිසන්කොට් (Gadi Eisenkot) විසින් මෙහෙයවනු ලබන විපක්ෂ කණ්ඩායම ආසන 48ක් ලබා ගනු ඇතැයි අපේක්ෂා කරයි.
එසේම අඟහරුවාදා පැවති ඡන්ද විමසීම සම්බන්ධයෙන් සිදුකළ ඇස්තමේන්තු අනුව, අරාබි පක්ෂ වන 'ජොයින්ට් ලිස්ට්' (Joint List) සහ 'රාම්' (Ra’am) යන පක්ෂවලට එකතුව ආසන 19ක් වැනි වාර්තාගත සංඛ්යාවක් හිමිවිය හැකි බව පෙනී යන අතර මැතිවරණයේ අවසන් ප්රතිඵල බ්රහස්පතින්දා සවස වන විට ලැබීමට ඉඩ ඇතත්, පැහැදිලි ජයග්රාහකයෙකු බිහිවනු ඇතැයි අපේක්ෂා නොකරන බව වාර්තා වේ.
තෙල් ගැන නරක ආරංචියක් - ඊයේ මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදී පෙට්රල් මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න