මෙසීටත් වඩා ඉදිරියට ගිය රොනාල්ඩෝ - ක්‍රීඩා ලෝලීන්ගේ ඡන්දයෙන් ලැබුණු සම්මානය

Report

පාපන්දු පිටියේ සුපිරි තරු දෙපළ වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ලයනල් මෙසී අතර පැවති තරගකාරීත්වයට තවත් අලුත් පරිච්ඡේදයක් එක් කරමින්, Ballon d’Or Of All Time (B.O.A.T.) සම්මානයේ ජයග්‍රාහකයා ලෙස ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නම් කර තිබේ.

වාර්තාවවන්ට අනුව, පාපන්දු ලෝලීන්ගේ ඡන්දයෙන් තෝරාගෙන ඇති මෙම සම්මානය හිමිව ඇත්තේ 2008 වසරේ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම වෙනුවෙන් රොනාල්ඩෝ දැක්වූ දක්ෂතා වෙනුවෙනි.

එහිදී බාසිලෝනා කණ්ඩායම වෙනුවෙන් 2012 වසරේ ලයනල් මෙසී දැක්වූ විශිෂ්ට දක්ෂතා අභිබවා යමින් රොනාල්ඩෝ මෙම ජයග්‍රහණය හිමිකරගෙන තිබීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා - එංගලන්ත අද සටනේ ජය කාටද? - ගඩාෆි පිටියේ දත්ත හෙළි කරන අනාවැකිය

ශ්‍රී ලංකා - එංගලන්ත අද සටනේ ජය කාටද? - ගඩාෆි පිටියේ දත්ත හෙළි කරන අනාවැකිය

රොනාල්ඩෝගේ 2008 වසරේ විශිෂ්ට දස්කම්

2007/08 තරග වාරයේදී මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම වෙනුවෙන් රොනාල්ඩෝ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ අතර, එම කණ්ඩායමට ප්‍රිමියර් ලීග් ශූරතාව සහ UEFA චැම්පියන්ස් ලීග් ශූරතාව දිනා ගැනීමට ද ඔහුගේ දායකත්වය හිමි විය.

එම තරග වාරයේදී සියලුම තරගාවලිවලදී ගෝල 42ක් සහ සහායක ගෝල 8ක් වාර්තා කිරීමට රොනාල්ඩෝ සමත්ව තිබේ.

එමෙන්ම, ප්‍රිමියර් ලීග් රන් සපත්තුව, චැම්පියන්ස් ලීග් වැඩිම ගෝල ලාභියාට හිමි සම්මානය සහ යුරෝපීය රන් සපත්තුව ඇතුළු සම්මාන රැසක් ද ඔහුට හිමි විය.

2008 වසරේදී ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයා ලෙස FIFA සම්මානය හිමිකර ගැනීමට ද රොනාල්ඩෝ සමත්වීම ඔහුගේ එම සුවිශේෂී තරග වාරයේ තවත් කැපී පෙනෙන සිදුවීමකි.

මෙසීගේ 2012 වසරේ දක්ෂතාත් අවධානයට

රොනාල්ඩෝ මෙම සම්මානය දිනාගත්ත ද, මෙසීගේ 2012 වසරේ දක්ෂතා ද පාපන්දු ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් ගනී.

බාසිලෝනා වෙනුවෙන් ක්‍රීඩා කළ මෙසී 2012 දින දර්ශන වර්ෂය තුළ ගෝල 91ක් වාර්තා කරමින් ලෝක පාපන්දු ක්ෂේත්‍රයේ දැවැන්ත අවධානයක් දිනාගත්තේය.

කෙසේ වෙතත්, රොනාල්ඩෝගේ 2008 තරග වාරය මෙසීගේ 2012 වසරේ දස්කම් අභිබවා ගොස් ඇති බව මෙම ඡන්ද ප්‍රතිඵලයෙන් පෙන්නුම් කරයි.

අවසන් ලැයිස්තුවේ ස්ථාන 10ම රොනාල්ඩෝට සහ මෙසීට මෙම සම්මානය සඳහා ප්‍රකාශයට පත් කළ අවසන් ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 10ම රොනාල්ඩෝ සහ මෙසී අතර බෙදී ගොස් තිබීම ද විශේෂත්වයකි.

එහිදී රොනාල්ඩෝගේ 2008, 2017, 2016, 2014 සහ 2013 වසරවල දක්ෂතා ඇගයීමට ලක්ව ඇති අතර, මෙසීගේ 2012, 2023, 2015, 2011 සහ 2009 වසරවල දස්කම් ද එම ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

මෙම B.O.A.T. සම්මානය බැලොන් ඩි'ඕර් සම්මානයේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් හඳුන්වා දී ඇති අතර, එහි අරමුණ වූයේ එම සම්මාන ඉතිහාසයේ විශිෂ්ටතම තනි ක්‍රීඩා වාරය පාපන්දු ලෝලීන්ගේ ඡන්දයෙන් තෝරා ගැනීමයි.

“පවන්ගේ පිත්ත බාබර් අසාම් අතට ගෙන පරීක්ෂා කරයි” - එදා සනත්ගේ පිත්ත ගංගුලි අතට ගත් හැටිත් යළි මතක් වෙයි!

“පවන්ගේ පිත්ත බාබර් අසාම් අතට ගෙන පරීක්ෂා කරයි” - එදා සනත්ගේ පිත්ත ගංගුලි අතට ගත් හැටිත් යළි මතක් වෙයි!