සටන් විරාම මැද යුද ගැටුම් යළි උණුසුම් වෙයි ඊශ්‍රායලයෙන් ලෙබනනයට ප්‍රහාර

By Kanchana Apr 25, 2026 11:46 AM GMT
Report

ලෙබනනයේ ක්‍රියාත්මක සටන් විරාමය අතරතුර හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායල හමුදා අතර අඛන්ඩව ප්‍රහාර හුවමාරු වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත .

හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඔවුන් ඉලක්ක කරගනිමින් දකුණු ලෙබනනයේ ප්‍රදේශ තුනකට ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක බලකාය ප්‍රකාශ කර තිබේ.

 හිස්බුල්ලා සංවිධානයෙන් සිය ජනතාවට එල්ල වන තර්ජනය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බව ඔවුන් ප්‍රකාශ කරයි.

පසුගිය 23 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඊශ්‍රායලය සහ ලෙබනනය සටන් විරාමයකට එළඹුනු නමුත් සටන් විරාමය උල්ලංඝනය කරමින් ප්‍රහාර එල්ල කරන බවට හිස්බුල්ලා සංවිධානය මෙන්ම ඊශ්‍රායලය එකිනෙකාට චෝදනා එල්ල කරගන ඇත.

ඇමරිකාවෙන් ඉරානයට ලොකු පාඩුවක් - මෙන්න විස්තරේ

ඇමරිකාවෙන් ඉරානයට ලොකු පාඩුවක් - මෙන්න විස්තරේ

2026දී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට හෙළිදරව්වක්

2026දී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට හෙළිදරව්වක්