හමාස් සාමාජිකයන් සියලු දෙනාටම සිදුවන දේ ගැන ඊශ්‍රායල අගමැති ගෙන් විශේෂ දැනුම්දීමක්..
හමාස් සාමාජිකයන් සියලු දෙනා ඝාතනය කර, ගාසා තීරයෙන් හමාස් සංවිධානය මුලිනුපුටා දමන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු මහතා ප්‍රතිඥා දී තිබෙනවා.
ඊශ්‍රායල රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ,
‘හමාස් කියන්නේ ගාසි තීරයේ ත්‍රස්තවාදීන්.ඔවුන් සහ අයි.එස්. ත්‍රස්තවාදීන් අතරේ වෙනසක් නැහැ. ලෝකය අයි.එස්. සංවිධානය විනාශ කළ ආකාරයට අපි හමාස් සංවිධානය විනාශ කරනවා.සියලුම හමාස් සාමාජිකයන්ට මැරෙන්න වෙනවා’.
විපක්ෂය සමඟ ද එක් වී නව ඒකීය රජයක් පිහිටුවීමෙන් පසුව අග්‍රාමාත්‍ය නෙදන්යාහු මෙසේ පැවැසුවා.
හමාස් සටන්කාමීන්ට එරෙහිව ආරම්භ කළ යුද්ධයේ අවසානයක් දැකීමට නම් හමාස් සංවිධානය මුළුමනින්ම විනාශ කළ යුතු බවයි එම ඒකීය රජයේ විශ්වාසය වී තිබෙන්නේ.
අග්‍රාමාත්‍ය නෙදන්යාහු මෙම නව ඒකීය රජය පිහිටුවා ගෙන ඇත්තේ එක් විපක්ෂ නායකයකු වන බෙනී ගාන්ට්ස් සහ විපක්ෂ දේශපාලන කණ්ඩායම් ද හවුල් කර ගනිමින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසා සිටියේ.
