බන්ධනාගාරයේ ඉන්න ඉෂාරා සෙව්වන්දිගෙන් කට උත්තර ගන්න CCDය අවසර ඉල්ලයි - අධිකරණ නියෝගය මෙන්න

Report

ගණේමුල්ල සංජිව ඝාතනය කිරීමේ සිද්ධියට අඳාළව සිදු කරනු ලබන විමර්ශනවලට අගුණුකොළ පැලැස්ස බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඉෂාරා සෙව්වන්දී නමැත්තියගෙන් ප්‍රකාශ ලබා ගැනීමට ඇති බැවින් ඒ වෙනුවෙන් අවසර ලබා දෙන ලෙස කොළඹ අපරාධ කොට්ඨාශය අද(28) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දන්වා සිටි බව සඳහන්.

ඒ අනුව සිද්ධියට අඳාළව මෝෂමක් ගොනුකරමින් කොළඹ අපරාධ කොට්ඨාශය මේ බව අධිකරණයට දන්වා ඇත.

එසේම සිද්ධිය සම්බන්ධය වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් පවසා සිටියේ ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සිදු කරනු ලබන විමර්ශන වෙනුවෙන් මෙම සැකකාරියගෙන් ප්‍රකාශ ලබා ගැනීමට ඇති බවයි.

හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් නිවේදනයක් - වාහන නවයක් භාවිතා කරපු කතාවේ ඇත්ත නැත්ත හේතුත් එක්කම කියයි

හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් නිවේදනයක් - වාහන නවයක් භාවිතා කරපු කතාවේ ඇත්ත නැත්ත හේතුත් එක්කම කියයි

එසේම එළඹෙන 2 දින අගුණුකොළ පැලැස්ස බන්ධනාගාරයට ගොස් ප්‍රකාශයක් ලබා ගැනීමට අවසර ලබා දෙන ලෙස කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුරටත් අධිකරණ‍යෙන් ඉල්ලා ඇත.

ඒ වෙනුවෙන් බන්ධනාගාර අධිකාරිවරයා දැනුවත් කරන ලෙසද කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලා ඇත. ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීමට අඳාළ නියෝගය නිකුත් කර තිබෙනවා.

හෙට සිට සැප්තැම්බර් 7 දක්වා ලංකාවට සූර්යයා දෘශ්‍ය වීමේ වෙනසක් - රටම දැනුවත් කරමින් නිවේදනයක්

හෙට සිට සැප්තැම්බර් 7 දක්වා ලංකාවට සූර්යයා දෘශ්‍ය වීමේ වෙනසක් - රටම දැනුවත් කරමින් නිවේදනයක්

ක්‍රීඩා අමාත්‍යවරයා හා මහජනතාව අතර උණුසුම් තත්වයක් - මෙන්න විස්තරේ

ක්‍රීඩා අමාත්‍යවරයා හා මහජනතාව අතර උණුසුම් තත්වයක් - මෙන්න විස්තරේ