ෂාෆ්ටර් දිවිනසාගත් කතාව මාධ්‍ය කරපු ප්‍රබන්ධයක්. පොලිස් පරීක්ෂණ පැටලවීමේ කුමන්ත්‍රණයක්. (PHOTO)

CID - Sri Lanka Police Sri Lanka Police
By Wayomi Dec 30, 2022 07:47 AM GMT
Wayomi

Wayomi

Report

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් වගකිව යුතු මාධ්‍ය ආයතන වගේම සමාජ මාධ්‍ය තුළ සාක්ෂි මතු කරනවා වගේම විවිධ පුවත් පළ කරනු ලබනවා.

කෙසේ වෙතත් ඊයේ පොලිසිය මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ, ඔහුගේ මරණය සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණයට අදාළව පොලිසියවත් නොදන්නා නිර්මාණාත්මක කරුණු මාධ්‍ය තුළින් ප්‍රචාරයවී ඇති බවයි.

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින්ද පළ කළ ප්‍රවෘත්තියකින් පැවසුනේ ෂාස්ටර් නැන්දම්මාට ලියූ ලියුමක් ගැනයි.

එමෙන්ම ෂාස්ටර් දිවිනසාගන්නට ඇතැයි ඒත්තු යන පරිදි වාහනයේ වයර් කෑලි ඉතිරි කොටස් නිවසේ තිබී හමුවූ කතාවද ප්‍රබන්ධයක් බවයි පොලිසිය පවසන්නේ.

වගකීම් රහිතව පළකරනලද මෙවැනි ප්‍රවෘත්ති පැමිණියේ කෙසේද යන්න පොලිසියට ප්‍රහේලිකාවක් වී ඇති අතර මේ නිසා මෙම පරීක්ෂණය වෙනතකට යැවීමට කිසියම් පිරිසක් තැත්කරනවාද යන සැකයද මතුව තිබෙනවා.

දිනේෂ් ශාෆ්ටර් මහතා සිය දිවි හානිකරගත් බවට මේ දක්වා කිසිදු සාක්‍ෂියක් ලැබී නොමැති බව පොලිසිය තහවුරු කරනවා.

දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (28 වැනිදා) වනවිට පුද්ගලයන් 90 දෙනෙකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

අබිරහස් ඝාතනය පිළිබඳව විමර්ශන සිදුකරන රහස් පොලිස් නිලධාරීහු පොලිස්පති ඩබ්ලිව්. වික්‍රමරත්න මහතා සමඟ ඊයේ පුරා පැය දෙකක පමණ කාලයක් විශේෂ හමුවක් පැවැත්වූ අතර විමර්ශන කටයුතු නව මුහුණවරක් ඔස්සේ දැන් ක්‍රියාත්මක කර ඇති බව දන්වා තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW


Gallery