මත්පැන් මිල ගණන් පහළ බසී?..පාරිභෝගිකයින්ට සුබ ආරංචියක් වෙයි?..

Bar Association of Sri Lanka Businessman
By Aruna Aug 08, 2024 08:32 AM GMT
Aruna

Aruna

Report

සුරාබදු කොමසාරිස්වරයාගේ කාර්යය විය යුත්තේ මද්‍යසාරවල මිල අඩු කරන ලෙස මද්‍යසාර නිෂ්පාදන සමාගම්වලින් ඉල්ලමින් ජනතාවගේ මද්‍යසාර භාවිතය වැඩි කිරීමට කටයුතු කිරීම නොව, මද්‍යසාර සමාගම්වලින් අයකර ගත යුතු බිලියන ගණනක හිඟ බදු මුදල් රජයට අයකර ගැනීම බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර සිටිනවා.

සුරාබදු දෙපාර්තුමේන්තුවට විධිමත්, කාර්යක්ෂම සුරාබදු අය කර ගැනීමේ ක්‍රමවේදයක් නොමැති වීම සහ මද්‍යසාර සමාගම්වලට වාසි සහගත ලෙස බදු අය කරගැනීම නිසා 2024.06.30 දින වන විට සුරාබදු දෙපාර්තුමේන්තුව අහිමි කරගෙන ඇති මුළු හිඟ සුරාබදු හා අයභාරය රුපියල් බිලියන 1.8ක් බවයි පැවසෙන්නේ.

එහි සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ, මේ පිළිබඳ විමර්ශනය කරන ලද පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව, සුරාබදු කොමසාරිස් ජනරාල් එම කාරක සභාව මග හැරීම සහ කාරක සභාවේ නිර්දේශයන් නොසළකා හැරීම පාර්ලිමේන්තුවටත් කමිටුවටත් කරන අගෞරවයක් බවයි.

'අරගලකරුවන්ට' නායකත්වය දෙන්න නාමල් රාජපක්ෂ පෙරට එයි..මහින්දගෙන් විශේෂ ඉල්ලීමක්..

'අරගලකරුවන්ට' නායකත්වය දෙන්න නාමල් රාජපක්ෂ පෙරට එයි..මහින්දගෙන් විශේෂ ඉල්ලීමක්..


තවද එම හිඟ සුරාබදු සම්පූර්ණයෙන් අය කර ගන්නා ලෙසට කරන ලද නිර්දේශය සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පැහැර හැරීම පිළිබඳ පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දැඩි අප්‍රසාදයට ද ලක් වී ඇත.

එවන් පසුබිමික මද්‍යසාර සමාගම් වලින් ඉල්ලා ඇත්තේ, පසුගිය දා මාධ්‍ය අණාවරණය කර තිබුණේ සුරාබදු කොමසාරිස්වරයා මද්‍යසාර මිල පහළ දමන ලෙසයි.

සුරාබදු කොමසාරිස්වරයාගේ කාර්යය විය යුත්තේ රටේ දැනටමත් බිලියන ගණන් හිඟ සුරා බදු ගෙවීම පැහැර හරිමින් සිටින මද්‍යසාර නිෂ්පාදකයන්ගෙන් හිඟ සුරා බදු අය කර ගැනීමයි.

තවද නීත්‍යානුකූල නොවන ආකාරයට වෙළද පොළට එන මද්‍යසාර නීතියේ රැහැනට යටත් කීරීම සහ වෙළඳපොළ තුළ ඇති සුරාබදු නොගෙවා අළෙවියට ඇති මද්‍යසාර හඳුනා ගැනීමත් ඒවා වෙළද පොළට නිකුත් කළ කූඨ ව්‍යාපාරිකයන් නීතියේ රැහැනට ගෙන ඒමයි.

මන්ත්‍රීවරුන් 20ක් මරා දැමූ මළසිරුරු තැන් තැන් වලින් හමුවෙයි..බිහිසුණු සිදුවීම මෙන්න..

මන්ත්‍රීවරුන් 20ක් මරා දැමූ මළසිරුරු තැන් තැන් වලින් හමුවෙයි..බිහිසුණු සිදුවීම මෙන්න..


තවද සුරාබදු කොමසාරිස්වරයාගේ සහ එම දෙපාර්තුමේන්තුවේ ප්‍රමුඛ කාර්යක් වන්නේ, එවැනි තත්වයන් ඇති වීම වැළැක්වීමයි.

එසේ නොමැතිව මද්‍යසාර මිල අඩු කරන ලෙස මද්‍යසාර සමාගම්වලින් ඉල්ලීම් කර රටේ ජනතාවගේ මද්‍යසාර භාවිතය වැඩි කර නැවතත් සමාගම් වලට වාසි සහගත තත්වයක් ඇති කරමින් ජනතාව මද්‍යසාර උගුලේ සිර කිරීමට කටයුතු නොකළ යුතු බව අවධාරණය කළ යුතුව ඇත.

මද්‍යසාර රටක ආදායමක් නොව වියදමක් බව විද්‍යාත්මකව ඔප්පු වී ඇති අතර, අපේ රටේ මද්‍යසාර වලින් බදු ලැබුන ද මද්‍යසාර වලින් ලැබෙන සුරාබදු ආදායමට වඩා විශාල වියදමක් මද්‍යසාර හේතුවෙන් සිදුවන සෞඛ්‍ය සහ ආර්ථික පිරිවැය සඳහා වියදම් දැරීමට සිදුව තිබීම ද කණගාටුවට කරුණක්.

2023 වසරේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සිදු කළ සමීක්ෂණයකට අනුව එම වසරේ අපේ රටේ මද්‍යසාර නිසා සිදු වූ සෞඛ්‍ය සහ ආර්ථික පාඩුව රුපියල් බිලියන 237ක්.

නමුත් මද්‍යසාර බදුවලින් ලද සුරා බදු ආදායම රුපියල් බිලියන 165.2 ක් වනවා.

ඒ අනුව මද්‍යසාර රටක ආදායමක් නොව වියදමක් බව තව දුරටත් තහවුරු වේ.

මේ අතර, මත්පැන් කාල බෝතලයක මිල රුපියල් සියයකින් අඩු කරන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා මත්පැන් නිෂ්පාදකයන්ගෙන් පසුගියදා විශේෂ ඉල්ලීමක් කළා.

ඒ මත්පැන් නිෂ්පාදකයන් සමග සුරාබදු දෙපාර්තමේන්තුවේදී පසුගියදා පැවැති විශේෂ රැස්වීමකදී. මේ වනවිට එතනෝල් ලීටරයක මිල රුපියල් 600-700ත් අතර මිලකට අඩුවී තිබීම නිසා මත්පැන් මිල අඩු කිරීමේ හැකියාවක් ඇති බව ඔහු පෙන්වා දුන්නා.

ඩොලරයේ අගය අද එකවරම පහළ බසී..මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්..

ඩොලරයේ අගය අද එකවරම පහළ බසී..මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්..


මෙහිදී ඔහු අවධාරණය කළේ, මිල ඉහළ යාම නිසා මත්පැන් අලවිය 40%කින් අඩුවී ඇති බවත් පාරිභෝගිකයන් නීතිවිරෝධී මත්පැන් භාවිතයට පෙළඹීම වැඩිවී ඇති බවයි.

එහෙත් මත්පැන් නිෂ්පාදකයන් පෙන්වා දී ඇත්තේ, සුරාබදු සහ මත්පැන් නිෂ්පාදන අමුද්‍රව්‍යවලට පනවා ඇති බදු නිසා මිල අඩු කිරීමට නොහැකි බවයි.

ReeCha