අල්ලස් කොමිසමේ මුදල් ස්වාධීනද? - හර්ෂ ගැටලුවක් හෙළි කරයි
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ මූල්‍ය කළමනාකරණය ස්වාධීනද නැද්ද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
මෙම ප්‍රකාශය සිදුවූයේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අයවැය ඇස්තමේන්තුව සාකච්ඡා කිරීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත කැඳවා තිබූ අවස්ථාවේදීය.
කොමිෂන් සභාව සඳහා ස්වාධීන කාර්ය මණ්ඩලයක් සකස් කිරීමට තිබූ අවශ්‍යතාව තිබුණද, වසර 2කට ආසන්න කාලයක් ගතවුවද එය තවමත් සිදුකර ගැනීමට නොහැකි වී ඇති බව කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පවසා ඇත.