මේ අයට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

Report

පවතින අධික වර්ෂාපතනයන් හමුවේ රටේ ජලාශ කිහිපයක ජල මට්ටම තවදුරටත් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ගාල්ල, මාතර, කළුතර‍‍, කොළඹ, නුවර, සහ නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කයන් වෙත අධික වර්ෂාපතනයක් ලැබුණු බවයි.

එසේම කැලණි, අත්තනගලු, ගිං, බෙන්තර ආශ්‍රිතවද මිලිමීටර් 50කට ආසන්න වර්ෂාපතනයක් ලැබී ඇති බවත් සඳහන්.

කෙසේ වෙතත් මෙම වර්ෂාපතනය හමුවේ වැඩිම බලපෑම සිදුව ඇත්තේ කළු ඟග ආශ්‍රිතව බවත් ඒ අනුව එහි ජල මට්ටම ශීඝ්‍ර වශයෙන් ඉහළ ගොස් තිබෙන බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මේ පළාත්වලට විශේෂ නිවේදනයක්

මේ පළාත්වලට විශේෂ නිවේදනයක්

මෙසේ කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා රත්නපුර, මිල්ලකන්ද, ඇල්ලගාව, ප්‍රදේශයන් හී ජල මට්ටම් වැඩි වීමක් නිරීක්ෂණය වී ඇති වුවත් පවතින වර්ෂාපතනයන් අනුව එය ගංවතුර තත්ත්වයක් දක්වා පැමිණේ යැයි බලාපොරොත්තු නොවන බවත් එම දෙපාර්තමේන්තුව පවසා ඇත.

එසේ වුවත් ඉදිරියේදී සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණ හොත් ගංවතුර තත්ත්වයන් ඇති වීමේ හැකියාව පවතින නිසා කළු ගඟ ආශ්‍රිත පදිංචිකරුවන් මේ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීම් සිදුකරයි.

ඊට අමතරව කැලණි ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ජනතාවද විශේෂ සැලකිල්ලෙන් සිටිය යුතු බවත් ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනයන් මත එම ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකිද යන්න ජනතාව දැනුවත් කරන බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹට විශේෂ නිවේදනයක්

කොළඹට විශේෂ නිවේදනයක්

අ.පො.ස.උසස් පෙළ විභාගය ගැන අති විශේෂ නිවේදනයක්

අ.පො.ස.උසස් පෙළ විභාගය ගැන අති විශේෂ නිවේදනයක්