ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සමඟ ඉරාන ජාතිකයෙක් මෙරටට

Report

ව්‍යාජ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතයෙන් ජපානය සහ තුර්කිය හරහා යුරෝපය බලා යාමට උත්සාහ කළ ඉරාන ජාතිකයෙකු, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

ආගමන-විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව ඔහු ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ ඒකකයට භාරදීම සිදුකර ඇත.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

අදාළ ඉරාන ජාතිකයා ඊයේ (19) රාත්‍රි 8ට ජපානයේ නරීටා ගුවන්තොටුපොළ බලා පිටත්ව යාමට උත්සාහ කළ අවස්ථාවේදී ඔහු ඉදිරිපත් කළ බ්‍රිතාන්‍ය ගුවන් බලපත්‍රය සම්බන්ධයෙන් සැකයක් ඇතිව පරීක්ෂණයකට ලක් කළාහ.

ජනාධිපති ධුරය අහෝසියි - මෙන්න විස්තරේ

ජනාධිපති ධුරය අහෝසියි - මෙන්න විස්තරේ

පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ එය ව්‍යාජ ලෙස සකස් කළ ලිපියක් බවයි.

පසුව, ඔහුගේ ගමන් මළු පරීක්ෂා කිරීමේදී, සැබෑ ඉරාන ගුවන් ගමන් බලපත්‍රයද සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ගුවන් තොටුපොළේ අපරාධ පරීක්ෂණ ඒකකය සඳහන් කළේය.