හෝමූස් සමුද්‍ර සන්ධිය අසලදී නෞකාවකට ඉරානයෙන් දරුණු ප්‍රහාරයක්

Report

හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ ගමන් මෝල්ටා ධජය යටතේ ගමන් කෙරූ ‘ප්‍රීමා’ (Prima) නමැති තෙල් සහ රසායනික ද්‍රව්‍ය ප්‍රවාහන නෞකාවට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රටම හෙල්ලූ අකුරෙගොඩ ද්විත්ව ඝාතනයට තවත් දෙදෙනෙක් කොටු

රටම හෙල්ලූ අකුරෙගොඩ ද්විත්ව ඝාතනයට තවත් දෙදෙනෙක් කොටු

ටස්නිම් පුවත් ඒජන්සිය සඳහන් කරන ආකාරයට, මෙම ප්‍රහාරය අද උදෑසන සිදු වුයේ, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන කාලයේදී නෞකාව පනවා තිබූ නීතිරීති සහ ආරක්ෂක අනතුරු ඇඟවීම් නොසලකා හැරීම හේතුවෙන් බව වාර්තා වේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් අද සහ හෙට ගැන විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් අද සහ හෙට ගැන විශේෂ නිවේදනයක්

එමෙන්ම මැරීන් ට්‍රැෆික් වෙබ් අඩවියට අනුව, ප්‍රීමා යනු මෝල්ටාවේ ධජය යටතේ ක්‍රියාත්මක වන තෙල් සහ රසායනික ද්‍රව්‍ය ප්‍රවාහන නෞකාවක් වන අතර, වාර්තා කරන ආකාරයට එය හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කර තිබේ.