සුබ ආරංචියක් - නැවතත් සාම සාකච්ඡා ඉරාන විදෙස් ඇමති පකිස්තානයට
By Mithu
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි ඊයේ (24) රාත්‍රියේ පාකිස්තානයට පැමිණි අතර, ඒ ඇමෙරිකාව සමඟ සාම සාකච්ඡා නැවත ආරම්භ කිරීමේ අරමුණින් බව වාර්තා වේ.
ඉරානය සිය ඉල්ලීම් ඇතුළත් යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට සූදානම් බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර ඇති නමුත්, එහි අන්තර්ගතය තමා තවමත් නොදන්නා බව ඔහු පවසා තිබේ.
මේ අතර, ඇමෙරිකානු නියෝජිතයන් හමුවීමේ සැලසුමක් නොමැති බව ඉරාන විදේශ අමාත්‍යාංශය පවසන පසුබිමක, ඇමෙරිකානු විශේෂ නියෝජිතයන් වන ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් අද (25) පාකිස්තානය බලා පිටත්ව යන බව ඇමෙරිකාව නිවේදනය කළේය.
උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ද මෙම සාකච්ඡා සඳහා එක්වීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.