ඉරාන ආරක්ෂක උණුසුම අතර කටාර් යූරියා, මෙතනෝල් කර්මාන්තය තාවකාලිකව නවතයි

Report

කටාර් බලශක්ති සමාගම නිවේදනය කර ඇත්තේ, රාස් ලෆාන් සහ මෙසයිඩ් කාර්මික නගරවල තම බලාගාරවලට ඉරානයෙන් එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ද්‍රව ස්වභාවික වායු (LNG) නිෂ්පාදනය නවත්වා ඇති අතර, එමගින් යූරියා, පොලිමර්, මෙතනෝල්, ඇලුමිනියම් ඇතුළු පහළ නිෂ්පාදන නිෂ්පාදනය ද නවත්වන බවයි.

මීට පෙර සඳහන් කළ පරිදි, ඉරානයෙන් එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාර හේතුවෙන් LNG සහ ආශ්‍රිත නිෂ්පාදන නිෂ්පාදනය නතර කිරීමට සමාගම තීරණය කළ අතර, ඊට අනුව "යූරියා, පොලිමර්, මෙතනෝල්, ඇලුමිනියම් සහ අනෙකුත් නිෂ්පාදන" නිෂ්පාදනය ද නවත්වන බව සමාගම නිල නිවේදනයකින් ප්‍රකාශ කළා.

ඉරාන් ප්‍රහාරයෙන් කටාර් LNG නිෂ්පාදනය තාවකාලිකව නවතියි

ඉරාන් ප්‍රහාරයෙන් කටාර් LNG නිෂ්පාදනය තාවකාලිකව නවතියි

මෙම තීරණයෙන් ගෝලීය බලශක්ති වෙළඳපොළට බලපෑම් ඇති වී ඇති අතර, යුරෝපයේ සහ ආසියාවේ ගෑස් මිල ඉහළ ගොස් තිබෙනවා. නිෂ්පාදන නැවත ආරම්භ කිරීමේ කාල සීමාවක් සඳහන් කර නොමැති බව වාර්තා වෙනවා.

මේ අතර, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඉරානය විසින් කටාර් ගුවන් අවකාශය දෙසට කෲස් මිසයිල 3ක්, බැලස්ටික් මිසයිල 101ක් සහ මරාගෙන මැරෙන ඩ්‍රෝන යානා 39ක් දියත් කර ඇති බව කටාර් ආරක්ෂක අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

කටාර් ආරක්ෂක හමුදාවන් මෙම ප්‍රහාරවලින් බහුතරය අත්අඩංගුවට ගෙන ඇති අතර, කෲස් මිසයිල 3ම, බැලස්ටික් මිසයිල 98ක් සහ ඩ්‍රෝන 24ක් සාර්ථකව අත්අඩංගුවට ගෙන ඇති බවත්, SU-24 යුද යානා දෙකක් ද අත්අඩංගුවට ගෙන ඇති බවත් අමාත්‍යාංශය සඳහන් කළා. මෙම ප්‍රහාරවලින් මිනිස් හානි වාර්තා වී නැහැ.

ජාත්‍යන්තර උණුසුම උණුසුම් වෙද්දී රුසියානු ජනාධිපති පුටින්ගෙන් අනතුරු ඇඟවීමක්

ජාත්‍යන්තර උණුසුම උණුසුම් වෙද්දී රුසියානු ජනාධිපති පුටින්ගෙන් අනතුරු ඇඟවීමක්