හෑන්ඩ් බෑග් එකේ දාගෙන යන්න පුළුවන් මාළු පැකට් - කොහෙද මේවා තියෙන්නේ?

Sri Lanka Sri Lanka Fisherman Latest Headlines Fish
By Zara Apr 07, 2025 05:45 PM GMT
Zara

Zara

Report

ලංකා ධීවර සංස්ථාවේ සභාපති ජේ.ඒ.කේ. මාර්ක් මහතා ප්‍රකාශ කළේ හඳුනාගත් සතොස අලෙවිසැල් 21ක මූලික ව්‍යාපෘතියක් ලෙස ග්‍රෑම් 300-400 ප්‍රමාණයේ කුඩා frozen fish නැවුම් මාළු පැකට් හඳුන්වා දීමට නියමිත බවයි.

ඔහු මේ බව කියා සිටියේ පසුගියදා (අප්‍රේල් 04 සහ 05 ) ගම්පහ, බෞද්ධාලෝක මාවතේ පිහිටි ලංකා ධීවර සංස්ථාවේ මාළු වෙළඳසැලේ විශේෂ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේදීය.

පාරිභෝගිකයන්ට අඛණ්ඩව සාධාරණ මිලකට නැවුම් මාළු ලබා දීමට පියවර ගන්නා අතරම, මීගමු ගම්පහ ප්‍රාදේශීය කළමනාකරු සහ කාර්ය මණ්ඩලය විසින් මෙහෙයවනු ලැබූ මෙම වැඩසටහනේදී විශේෂ දිනුම් ඇදීමක් ද පවත්වා වටිනා ත්‍යාග පාරිභෝගිකයන්ට ප්‍රදානය කෙරුණා.

එසේම ඉදිරියේ එළඹෙන අවුරුදු සමයේ ඇතිවිය හැකි මාළු හිඟය අවම කිරීමට සහ මිල වැඩිවීම පාලනය කිරීමට පියවර ගෙන ඇති බව ප්‍රකාශ කළ ධීවර සංස්ථාවේ සභාපතිවරයා, කුඩා ප්‍රමාණයේ නැවුම් මාළු ඇසුරුම් කාගේත් අත් බෑගයේ වුවද පහසුවෙන් ගෙන යා හැකි බව ද වැඩිදුරටත් කියා සිටියා.

ලෝකයක් ආදරය කරන බොලිවුඩ් නිළියක් වන ජැකලින්ගේ මව මෙලොව හැර දා යයි

ලෝකයක් ආදරය කරන බොලිවුඩ් නිළියක් වන ජැකලින්ගේ මව මෙලොව හැර දා යයි

අලුත් අවුරුද්දට ගමේ යන්න ඉන්න ඔයාට මෙන්න සතුටු හිතෙන ආරංචියක්

අලුත් අවුරුද්දට ගමේ යන්න ඉන්න ඔයාට මෙන්න සතුටු හිතෙන ආරංචියක්

ReeCha