ශ්‍රී ලංකාවේ අන්තර්ජාල ළමා අපයෝජන ඉහළ යන බවට අමෙරිකාවෙන් දැනුම්දීමක්...

Sri Lanka Smart Phones Child Abuse Mobile Phones School Children
By Parami Dissanayake May 16, 2024 05:20 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

ශ්‍රී ලංකාවේ බාලවයස්කාර දරු දැරියන් අන්තර්ජාලය ඔස්සේ අපයෝජනයට ලක්වීම ඉහළයෑම සම්බන්ධයෙන් අමෙරිකානු ආයතනයක් ශ්‍රී ලංකාවට දැනුම්දීමක් කර තිබෙනවා. එම වාර්තා පදනම් කරගනිමින් අධිකරණයට ගිය පොලිස් ළමා හා කාන්තා කාර්යංශය පැවසුවේ, ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බවත් ය.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පැවසුවේ අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාලා හරහා දරුවන්ගේ නිරුවත් ඡායාරූප භාවිත කරමින් ඔවුන්ට තර්ජනය කිරීම හා බලපෑම් කිරීම්වලට අදාළව 2023 වසරේදී පැමිණිලි 150ක්ද මේ වසරේ අප්‍රේල් 31 දක්වා පැමිණිලි 55ක්ද ලැබී ඇති බවය.

අමෙරිකානු ආයතනයක් වන අතුරුදන් වූ සහ සූරාකෑමට ලක්වූ ළමයින් පිළිබඳ ජාතික මධ්‍යස්ථානය අනාවරණ කරන්නේ, අපයෝජන සඳහා අන්තර්ජාලය ඔස්සේ ළමයින් පොළඹවා ගැනීම් 2021,2022 සහ 2023 වසරවලදී 300%කින්ඇ ඉහළ ගොස් ඇති බවය.

ශ්‍රී ලංකාවේ අන්තර්ජාල ළමා අපයෝජන ඉහළ යන බවට අමෙරිකාවෙන් දැනුම්දීමක්... | Internet Child Abuse On The Rise In Sri Lanka

ශ්‍රී ලංකාවේ, බාලවයස්කාර දරු දැරියන්ගේ ඡායාරූප අසභ්‍ය ලෙස නිර්මාණය කරමින් සන්තකයේ තබාගැනීම හා අන්තර්ජාලයට මුදාහැරීමට කිසියම් පිරිසක් පියවර ගෙන ඇති බව ද එම අමෙරිකානු ආයතනය දැනුම්දී තිබේ.

ඒ සම්බන්ධයෙන් ඊයේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ගිය පොලිස් මූලස්ථාන ළමා හා කාන්තා කාර්යංශය පැවසුවේ එම වාර්තාව පදනම් කරගනිමින් විමර්ශන ආරම්භ කරන බවය.

කෙසේ වෙතත්, කොපමණ දරු දැරි පිරිසකගේ ඡායාරූප එසේ අසභ්‍ය ඡායාරූප ලෙසට නිර්මාණය කර ඇත් ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැත. අතුරුදන් වූ සහ සූරාකෑමට ලක්වූ ළමයින් පිළිබඳ ජාතික මධ්‍යස්ථානය පෙන්වා දෙන ආකාරයට දරුවන් පොළඹවා ගැනීමට භාවිත කරන වඩාත් සුලබ ක්‍රමවේද ලෙස ලිංගික සංවාදවල නිරත වීම, දරුවන්ගේ ලිංගික ඡායාරූප ඉල්ලීම හෝ බෙදාගැනීම, අසභ්‍ය ඡායාරූප බෙදාහැරීම සහ ත්‍යාග, මත්ද්‍රව්‍ය, ප්‍රවාහන පහසුකම්, ආහාර සැපයීම වැනි දෑ ලබාදීම දැක්විය හැකිය.

මියන්මාර - ශ්‍රී ලංකා ආර්ථික හා බෞද්ධ සබඳතා වර්ධනයට වැඩපිළිවෙලක්...

මියන්මාර - ශ්‍රී ලංකා ආර්ථික හා බෞද්ධ සබඳතා වර්ධනයට වැඩපිළිවෙලක්...


සමාජ මාධ්‍ය හරහා පෙන්නුම් කරන ඇතැම් හැසිරීම් මගින් පොළඹවා ගැනීමේ අවදානම වැඩි අතර ඉන් ලිංගික අපයෝජනයට ගොදුරු විය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

ඒ අනුව, ලංකා ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය මියුරු චන්ද්‍රදාස පවසන්නේ , "දරුවන්ට අවුරුදු 16ක් වෙනකම් තමන්ගේම ස්මාර්ට් ෆෝන් එකක් භාවිත කිරීම එතරම්ම යෝග්‍ය වෙන්නේ නැහැ කියලා දෙමව්පියන් දැනුවත් වෙන්න ඕනේ. දරුවෙක් ස්මාර්ට් ෆෝන් එකක් භාවිත කළොත් එකේ ඉතිහාසය සෝදිසි කර බලන්න දෙමව්පියන්ට හැකියාවක් තිබෙන්න ඕනේ" යනුවෙනි.


Gallery
ReeCha