පොලී අනුපාත එකවර ඉහළ යයි...ණය ගන්න අයට වැඩ වරඳී!!!

Sri Lanka The central bank People bank Interest rates BOC Bank
By Aruna Jan 20, 2022 03:24 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 50 බැගින් පිළිවෙළින්, සියයට 5.50 සහ සියයට 6.50 දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

මේ අතර බැංකු අනුපාතිකය, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සමඟ ස්වයංක්‍රීයවම ගැළපුම් කරමින් සියයට 9.50 ක් දක්වා වැඩිවනු ඇත.

කෙසේවෙතත් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය පවතින 4.00% මට්ටමේ ම පවත්වා ගෙන යාමට මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

මහ බැංකුව විසින් ගනු ලැබූ මෙම තීරණය "සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තියක්" ලෙසින් හැඳින්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now