රාජ්‍ය බුද්ධි සේවයේ PC අයිස් එක්ක අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි රාජ්‍ය බුද්ධි සේවයට (SIS) අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු මීගහතැන්න පොලීසිය විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබේ.
මීගහවත්ත, ගල්වෙල්ල පාලම අසලදී සිදුකළ මෙම වැටලීමේදී සැකකාර කොස්තාපල්වරයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 98ක් පොලිස් භාරයට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කුරුඳුවත්ත රාජ්‍ය බුද්ධි සේවා ඒකකයට අනුයුක්තව සේවය කළ 28 හැවිරිදි වියේ පසුවන නිලධාරියෙකි.
සැකකරු අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් මීගහතැන්න පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
මෙම අත්අඩංගුවට ගැනීමත් සමඟ රාජ්‍ය ආරක්ෂක අංශවල විනය සහ මත්ද්‍රව්‍ය මැඩලීමේ ක්‍රියාවලිය පිළිබඳව නැවතත් දැඩි අවධානයක් යොමුව තිබේ.