මාරාන්තික තත්ත්වයක් - කොළඹින් රෝගීන් හමුවීමත් සමඟ මේ එන්නත් අනිවාර්යයෙන් ලබාගන්නැයි දන්වයි
මෙරට වසර කිහිපයක් තුරන්කර තිබූ සරම්ප රෝගය යළි හිස ඔසවා තිබෙන බව වෛද්‍ය අංශ සඳහන් කරයි. ඒ අනුව සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ රෝගය වැළදුණු ළමුන් දෙදෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇති බවයි.
එනිසා සරම්ප එන්නත ලබා නොගත් හා එක් මාත්‍රාවක් පමණක් ලබාගත් දරුවන්ට හැකි ඉක්මනින් එම එන්නත් විධිමත්ව ලබාගන්නා මෙන් සෞඛ්‍ය අංශ දැනුම් දී ඇත.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සරම්ප රෝගය සහමුලින්ම තුරන් කළ රටක් බවට ලෝක සෞඛය සංවිධානය නිවේදනය කළේ පසුගිය 2019 වසරේදීයි.
එහෙත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ 2023 වර්ෂයෙන් පසුව ඇතැම් ප්‍රදේශවලින් සරම්ප වසංගත තත්ත්වයන් වාර්තාවූ බවයි.
මේ පිළිබඳව අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා ප්‍රකාශ කළේ රෝගය වැළඳී ඉන් සුවයක් ලැබුණද එහි සංකූලතා නිසා වසර ගණනාවකට පසුව මරණය පවා ඇතිවීමේ අවධානමක්ද තිබෙන බවයි.
ලෝකෙම කළඹමින් තවත් මාරාන්තික තත්ත්වයක් - වැසි දිනවල මෙහෙම වුණොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නැයි දන්වයි
"2025 අවුරුද්දේ ජනවාරි මාසේ ඉදලා එක රෝගියෙක්වත් ලංකාවෙන් වාර්තා වුණේ නෑ. නමුත් අවාසනාවකට වගේ රෝගීන් දෙදෙනෙක් වාර්තා වෙලා තියෙනවා කොළඹ දිස්ත්‍රිකයෙන්. මේ වාර්තා වු ළමුන් දෙදෙනාගේ රෝගී තත්ත්වය නැවතත් වසංගතයක් දක්වා වාර්තා නොවී පැවතීමට අපි සියලුම උත්සහයන් ගන්න ඕනේ. එක ළමයෙකුගේ නියැදි අපි යැව්වා ඉන්දියාවේ රසායනාගාර වෙත. එයින් තහවුරු වුණා ඒ වෛරසය පිටරටින් පැමිණ වෛරසයක් බව. " "මෑතකදී සොයාගෙන තියෙනවා සරම්ප රෝගය වැළඳුනාට පස්සේ ඒ වැළඳුන කෙනාට, ප්‍රතිශක්ති මතකය අමතක වෙනවා කියලා. සරම්ප රෝගය වැළඳුනාට පස්සේ එම කෙනාට, අනික් රෝගවලට මුහුණ දීමටත් ඇති හැකියාවත් නැති වෙලා යනවා කියලා. ඒ වගේම තව තත්ත්වයක් තියෙනවා SSPE මාරන්තික තත්ත්වයක්, සරම්ප රෝගය සුව වෙලා ගිහිල්ලා වසර ගණනාවකට පස්සේ වුණත් වෙන්න පුළුවන්. ඒ නිසා සරම්ප රෝගය සුව වුණා කියලා කිසිම කෙනෙකුට, විශේෂයෙන් ළමයෙකුට. දෙමාපියන්ට සැනසිල්ලේ ඉන්න වෙන්නේ නෑ. මොකද කොයි මොහොතේ දී හෝ, වසර ගණනාවක පසුව එක සෙමින් සෙමින් මරණය ඇති කරණ මාරාන්තික තත්ත්වයක්."