ඉහළ පහළ යන ඩොලරයේ අද මිල ගණන් මෙන්න
බදාදා දිනයට සාපේක්ෂව අද ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු වල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇති අතර විකුණුම් අනුපාතය රුපියල් 321 දක්වා ඉහළ ගොස් තිබේ.
සෙලාන් බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාත පිළිවෙලින් රුපියල් 313.60 සිට රුපියල් 314 දක්වා සහ රුපියල් 318.85 සිට රුපියල් 319.75 දක්වා ඉහළ ගොස් තිබේ.
NDB බැංකුවේ, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රුපියල් 313.25 සිට රුපියල් 314.50 දක්වා සහ රුපියල් 319.75 සිට රුපියල් 321 දක්වා ඉහළ ගොස් තිබේ.
මහජන බැංකුව වාර්තා කරන්නේ ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රුපියල් 313.35 සිට රුපියල් 314.34 දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් අනුපාතය ද රුපියල් 320.26 සිට රුපියල් 321.27 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
මේ අතර, කොමර්ෂල් බැංකුවේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රු. 311.81 සිට රු. 312.80 දක්වා සහ රු. 320.25 සිට රු. 321.25 දක්වා ඉහළ ගොස් තිබේ.
සම්පත් බැංකුවේ ගැනුම් සහ විකුණුම් අනුපාතිකය රු. 313.50 සිට රු. 314.75 දක්වා සහ රු. 320 සිට රු. 321.25 දක්වා ඉහළ ගොස් තිබේ.

