දැන් රටේ ලෝකේ මිනිස්ස්සුන්ට ආගම දහම අමතක වෙලා - මිහින්තලේ හිමිගෙන් ට්‍රම්ප්ටත් බැනුම් [VIDEO]
වර්තමාන ලෝක නායකයින් සහ පාලකයින් ආගම, දහම, මානව හිමිකම් සහ සම්ප්‍රදායික වත්පිළිවෙත් නොසලකා හරිමින් කටයුතු කිරීම බරපතළ ආදීනවයන්ට හේතු විය හැකි බව මිහින්තලේ රාජමහා විහාරාධිපති පූජ්‍ය වළවහැංගුණුවැවේ ධම්මරතන හිමියන් පවසනවා.
ලෝක දේශපාලනය සහ මෙරට පාලන තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ, අද වනවිට ඇතැම් නායකයින් ජනතා පරමාධිපත්‍යය, ඡන්ද අයිතිය සහ මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්ති පවා නොසලකා කටයුතු කරන තත්ත්වයක් දක්නට ලැබෙන බවයි.
රටවල් “පවුලක බූදලයක්” ලෙස සලකා මිනිස් ජීවිත සමඟ සෙල්ලම් කිරීමේ ප්‍රවණතාවක් පවතින බවද උන්වහන්සේ චෝදනා කළා.
තවද, වත්මන් රජයද සම්ප්‍රදායික වත්පිළිවෙත් හා නැකත් චාරිත්‍ර අඩුවෙන් සලකා බලමින් කටයුතු කරන බවත්, ලෝකය පුරා නිරාගමික සහ විවිධ මතවාද පැතිර යාම හේතුවෙන් ආගම හා මිනිසා අතර සබඳතාව දුර්වල වෙමින් පවතින බවත් උන්වහන්සේ පෙන්වා දුන්නා.
මිනිසුන්ට තම අදහස් පවා නිදහසේ ප්‍රකාශ කිරීමට නොහැකි තත්ත්වයක් ලෝකයේ ඇතැම් ස්ථානවල ඇති බවත්, ජාත්‍යන්තර මට්ටමින් ආගමික නායකයින්ගේ මතයන්ට ගරු කිරීම අඩුවෙමින් පවතින බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා.
“දැන් රටේ ලෝකේ මිනිස්ස්සුන්ට ආගම දහම අමතක වෙලා යන වෙලාවක ඇමෙරිකාවේ ජනාධිපතිවරයා පවා අපේ පාප් වහන්සේට චෝදනා කරනවා. අපිට අවශ්‍ය කරන මතයක් දරන්න බැරි මට්ටමට ලෝකේ නිර්මාණය වෙමින් පවතිනවා. ඒක හොඳ පූර්වාදර්ශයක් නෙවෙයි. දැන් ආගම දහමින් ඈත් වෙලා ඉන්න බව පාලකයෝ අවියක් කරගෙන ඉන්නවා. ඒක නිසා ජනතාවගේ පරමාධිපත්‍යද, ජනතාවගේ ජන්දයද, මානව හිමිකම් ද, මේ විශ්ව ප්‍රඥප්ති ද කියන ඔක්කොම දැන් පයියිසේකට ගණන් ගන්නේ නැති මට්ටමට ලෝක නායකයෝ පත්වෙලා තියෙනවා.
අම්මගේ අප්පගේ භූදලය හැටියට සලකමින් මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරමින් කටයුතු කරනවා. ඒක මේ රටෙන් ඉගෙන ගත්තද නැත්නම් ඒ රටෙන් ඉගෙන ගත්තත් දන්නේ නෑ. දැන් අද වර්තමානයේ ලෝකේ ඉන්න ඔක්කොම මේ රටේ විතරක් නෙමෙයි නිරාගමිකයෝ මිත්‍යාදෘෂ්ටික හැම තැනම ඉන්නේ. මේ චාරිත්‍ර වාරිත්‍ර, වත් පිළිවෙත්, පුද පිරිත් කියන ඒවට ප්‍රමුඛතාවයක් දෙන්නේ නෑ.
වර්තමාන රජය වුණත් ඒකනේ නැකත් ඕන කෙනෙක් හදාගන්න කිව්වා. නැකත් දෙක තුනක් තියෙනවා. ඉතින් මේවාගෙන් බැහැර වෙලා මේවගෙන් දුවන්න හදනවා නම් ඇත්තටම දුවන්න බෑ ඇත්තටම ඒක සෙල්ලමක් විතරයි. ලෝකේ තියෙන මේ බලවේග කියන ඒවා කාටවත් මේ දැනිලත් නෑ දැනෙන්නෙත් නෑ.දැනෙන්න ගියපුවහම දැනෙනවා ලොවෙත් නැතිවෙන්න. කොරෝනා වසංගත වගේ ඒවා ලොකය මහා දියුණුයි කිව්වට රේඩාර්වලටත් අහුවෙන්නේ නැති වෙන විදිහට මේ තියෙන ලෙඩ රෝග උවදුරු ඇවිල්ලා විනාශ කරලා දාන්න පුළුවන් මට්ටමට ස්වභාවධර්මය දියුණුයි.
ඉතින් ඒ හින්දා මේ අපේ පුද භූමි තියනවා. සියලු ආගම්වලට,සියලු ජාතීන් වලට ආවේනික අපිට වත් පිළිවෙත් පුද සිරිත්,චාරිත්‍ර වාරිත්‍ර, නැකත් තියෙනවා. ඒ හින්දා ඒ කටයුතු කාලයක් ලෙස කරගෙන ඇවිල්ලා තියෙනවා. වර්තමානය වෙනකොට.ඒවා නොකෙරෙන මට්ටමට ඇවිල්ලා ඒවා යම්කිසි මතයක් දැරුවොත් ඒ මතයට ප්‍රතිවිරුද්ධ මත ප්‍රකාශ කරමින් නිවැරදි මාවතට ගමන් කිරීමක් මේ කිසි කෙනෙක් ගාව දකින්න හම්බවෙන්නේ නෑ…”