ලොවම බලා සිටි සාම පා ගමනේ ආ හිමි නමක් හදිසියේ රෝගී වෙයි - රෝහලට
"ඒහිපස්සිකෝ" සාම පා ගමන වෙනුවෙන් සහභාගී වෙමින් සිටි ඇමරිකානු භික්ෂූන් වහන්සේ නමක් හදිසියේ රෝගාතුර වීම නිසා මාතලේ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කළ බව මාතලේ දිස්ත්‍රික් මහා රෝහල් අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුසන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
අඳාළ සාම පා ගමන ඊයේ (22) දින උදෑසන දඹුල්ල නගරයෙන් ආරම්භ විය.
ඒ වෙනුවෙන් සහභාගී වූ ඇමරිකානු ජාතික වයස අවුරුදු (38) වූ එම් ධර්මවර භික්ෂූන් වහන්සේ පා ගමන අතරතුර මාතලේ කෝන්ගහමුල ප්‍රදේශයේදී අපස්මාරය රෝගී තත්ත්වයක් නිසා ගිලන් රථයක ආධාරයෙන් මාතලේ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ රෝහල් කාර්ය මණ්ඩලය රෝගී භික්ෂුන් වහන්සේට අවශ්‍ය ප්‍රතිකාර සිදුකර තිබෙන බව සඳහන්.
එම භික්‍ෂූන් වහන්සේගේ රෝගී තත්ත්වය හේතුවෙන් පා ගමන වෙනුවෙන් සහභාගී නොවන මෙන් වෛද්‍ය නිර්දේශ ලබාදී ඇති බව මාතලේ දිස්ත්‍රික් මහ රෝහල් අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුසන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළ බව සඳහන්.
ලෝකෙම කළඹමින් තවත් මාරාන්තික තත්ත්වයක් - වැසි දිනවල මෙහෙම වුණොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නැයි දන්වයි

