ඩොලර් මිලියන 2.5ට වුණ දේ භාණ්ඩාගාර ලේකම් පහදයි
විදෙස් රටක ණය ගෙවීමකට අදාළ මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදලක් පරිගණක හැකර්වරුන් අතට පත් වී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන දැනුවත් කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසනවා. ඔහු මේ පිළිබඳව පවසා සිටියේ අද (23) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
සයිබර් අපරාධකරුවන් උත්සාහා කර ඇති බව පළමු අවස්ථාවේදී දැන ගැනීමට ලැබුණු බවත්, පසුව නිලධාරීන් විසින් ඉතාමත් කල්පනාකාරීව මේ පිළිබඳව සොයා බැලූ බවත් එහිදී වෙනත් රටකට ගෙවීමට තිබුණු වාරිකය පිළිබඳව නැත්නම් එම ලියකිවිලිවලට මැදිහත් වී ඇති බවට මතු වූ සැකය පිට තොරතුරු සොයා බැලීමේදී මෙයට හැකර්වරු සිටින බව දැනගන්නට ලැබුණු බවයි ලේකම්වරයා මෙහිදී පවසා සිටියේ.
එතැන් සිට පුළුල් පරීක්ෂණ ආරම්භ කළ බවත් ලේකම්වරයා පවසා සිටියා. ඊමේල් ඔස්සේ හැකර්වරුන් පද්ධතියට ඇතුළු වී ඇති අතර එහිදී ව්‍යාජ තොරතුරු සහිත සාවාද්‍ය ලේඛන සකසා අදාළ ඉදිරි කටයුතු සිදුකරගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.