හංගපු ටික එළියට.. ලාල් කාන්තට රු.කෝටි 6.7ක නිෂ්චල දේපොළ වත්කම් ප්‍රකාශය මෙන්න [VIDEO]
කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා තම වත්කම් බැරකම් ප්‍රකාශය මගින් රුපියල් කෝටි 6.7කට අධික වටිනාකමකින් යුත් නිශ්චල දේපොළ තමන් සතු බව හෙළි කර තිබේ.
පසුගිය දිනවල ඔහුගේ වත්කම් පිළිබඳ සමාජ මාධ්‍ය තුළ උණුසුම් කතාබහක් ඇති වූ අතර, අදාළ ප්‍රකාශය ඔහු විසින් පසුගිය වසරේ දෙසැම්බර් 26 වැනිදා භාර දී ඇත.
2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත අනුව, සියලු දේශපාලනඥයින් තම වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අනිවාර්ය වන අතර, ඒ යටතේ 2025 වර්ෂය සඳහා දේශපාලනඥයින් රැසක් දැනටමත් එම ප්‍රකාශ ඉදිරිපත් කර ඇත.
අදාළ ප්‍රකාශයට අනුව, ලාල්කාන්ත මහතා සතු ප්‍රධාන දේපොළ අතර මිලියන 56ක් පමණ වටිනා විශාල නේවාසික ගොඩනැගිල්ලක්, තවත් නේවාසික සහ වාණිජ ගොඩනැගිලි කිහිපයක් සහ ඉඩම් ඇතුළත් වේ.
මීට අමතරව රන් ආභරණ, මෝටර් රථයක් සහ අනෙකුත් චංචල දේපළද ඔහු විසින් ප්‍රකාශ කර ඇත.
ආදායම් ලෙස වාර්ෂික වැටුප්, දේපළ බදු ආදායම් සහ ස්ථාවර තැන්පතු වලින් ලැබෙන මුදල්ද මෙම වත්කම් ප්‍රකාශයේ සඳහන් වන අතර, ඒ අනුව ඔහුගේ මුළු නිශ්චල දේපොළ වටිනාකම පමණක් රුපියල් කෝටි 6.7 ඉක්මවන බව තහවුරු වේ.
මෙම හෙළිදරව්ව සමාජයේ විවිධ ප්‍රතිචාර උත්පාදනය කර ඇති අතර, වත්කම් ප්‍රකාශයන් පිළිබඳ අවධානය යළිත් යොමුවී ඇත.