අවුරුදු 13ක දරුවෙක් අතුරුදන් - මොහුව දුටුවොත් වහාම කියන්න

Report

ගම්පහ, පහළ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 13ක් වන සිතුල නිම්සත් නැමැති දරුවා ඊයේ (22) දිනයේ සිට අතුරුදන්ව ඇති බව ඔහුගේ ඥාතීන් පවසයි.

දරුවා පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බැවින් ඔහු පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම් 077 555 4959 හෝ 077 555 4979 යන දුරකතන අංක හරහා දැනුම් දෙන ලෙස ඥාතීන් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

අතුරුදන් වන අවස්ථාවේදී මෙම දරුවා නිල් පැහැති ශ්‍රී ලංකා ක්‍රිකට් ටී-ෂර්ටයකින් සහ ක්‍රීම් පැහැති කොට කලිසමකින් සැරසී සිට ඇත.

ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන්ගේ ගිණුමකට ගියේ කොහොමද - නාමල්ගෙන් ප්‍රශ්නයක්

ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන්ගේ ගිණුමකට ගියේ කොහොමද - නාමල්ගෙන් ප්‍රශ්නයක්

පවුලේ පිරිස් සහ ප්‍රදේශවාසීන් දරුවා සෙවීම සඳහා දැඩි වෙහෙසක් දරන අතර, මේ සම්බන්ධයෙන් පොලීසියට ද තොරතුරු වාර්තා කිරීමට පියවර ගෙන තිබේ.

මෙම දරුවා පිළිබඳව හෝ ඔහු රැඳී සිටින ස්ථානයක් පිළිබඳව කිසියම් හෝ තොරතුරක් වෙතොත් වහාම ඉහත සඳහන් කළ අංකවලට හෝ ළඟම පිහිටි පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස වැඩිදුරටත් ඉල්ලා සිටී.

අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිගේ කැබ් රථය හැප්පෙයි

අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිගේ කැබ් රථය හැප්පෙයි