ගම්මන්පිලගෙන් තවත් ආන්දෝලනයක් - ජනපති සහ බිමල් අතර දරුණු මත ගැටුමක් - බහුතර බලය බිමල්ට[VIDEO]
ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ කුමාර ජයකොඩි මහතා ජාතික ජන බලවේගයේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු නොවන බවත්, ඔහු ජාතික ලැයිස්තුවෙන් ගෙනැවිත් ඇමති ධුරයක් ලබා දුන්නේ සොරකම් කිරීම සඳහාම පමණක් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු ඇමති උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවැති සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කළේ, 2004 වසරේ සිටම කුමාර ජයකොඩි මහතා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ "කොමිස් කාක්කා" වශයෙන් කටයුතු කර තිබෙන බවයි.
එමෙන්ම ඔහු එහිදී හෙළි කළේ 2004 වසරේදී අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම ඇමතිවරයාව සිටියදී, කුමාර ජයකොඩිව ලංකා පොහොර සමාගමේ සභාපති හෝ අධ්‍යක්ෂ ධුරයකට පත් නොකර "මිලදී ගැනීමේ කළමනාකරු" වශයෙන් පත් කළේ කොමිස් ගැසීමේ අරමුණින් බවයි.
තවද එම තනතුර හරහා විශාල ගනුදෙනු සහ කොමිස් ලබා ගැනීමේ හැකියාව පැවැති බවත්, ඔහු එදින සිටම ජනාධිපතිවරයාගේ සමීපතම ගෝලයෙකු වශයෙන් කටයුතු කර ඇති බවත් ගම්මන්පිල මහතා පවසයි.
එමෙන්ම වත්මන් රජය යටතේ කුමාර ජයකොඩි මහතාව ජාතික ලැයිස්තුවෙන් ගෙනැවිත් මෙරට විශාලම අමාත්‍යාංශය වන බලශක්ති අමාත්‍යාංශය ලබා දුන්නේද මෙවැනිම සොරකම් සිදු කිරීමට බව ද හිටපු ඇමතිවරයා චෝදනා කර සිටියි.
අඟුරු ගනුදෙනුව සම්බන්ධ වංචාව ජවිපෙ හෝ මාලිමාවේ සොරකමක් නොව, කුමාරවරුන් දෙදෙනෙකුගේ පෞද්ගලික සොරකමක් බවත් ඔහු එහිදී පෙන්වා දී ඇත.
අඳාළ වංචාව සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා විසින් අක්‍රමිකතා තහවුරු කර ඇති බැවින්, එය ජාතික ජන බලවේගය තුළ දැඩි දේශපාලන අර්බුදයක් නිර්මාණය කර ඇති බවට ද ගම්මන්පිල මහතා ප්‍රකාශ කර ඇත.
එනිසා අගමැතිනි හරිනි අමරසූරිය සහ සභානායක බිමල් රත්නායක යන මහත්ම මහත්මීන් කුමාර ජයකොඩි මහතා වහාම ඉල්ලා අස්විය යුතු බවට හෝ ජනාධිපතිවරයා විසින් ඔහුව ඉවත් කළ යුතු බවට දැඩි ස්ථාවරයක සිටින බවද ඔහු කියා ඇත.
එමෙන්ම ගම්මන්පිල මහතා වැඩිදුරටත් අනාවරණය කර ඇත්තේ පක්ෂය විසින් ගොඩනගාගත් හොරකමට එරෙහි ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීමට බිමල් රත්නායක මහතා ඇතුළු පිරිසක් උත්සාහ කළද, ජනාධිපතිවරයා සහ කුමාර ජයකොඩි මහතා අතර පවතින සමීප සම්බන්ධතාවය මත ඔහුව ඉවත් කිරීමට ජනාධිපතිවරයා මුලදී මැලි වූ බවයි.
කෙසේ වෙතත් මෙම අභ්‍යන්තර ගැටුම හේතුවෙන් ජනාධිපතිවරයා සහ බිමල් රත්නායක මහතා අතර දරුණු මත ගැටුමක් නිර්මාණය වී ඇති බවත්, මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ බහුතර බලය බිමල් රත්නායක මහතා වෙත ගොනු වෙමින් පවතින බවත් ඔහු අවධාරණය කර තිබෙනවා.
අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,