ත්‍රිකුණාමලය - මඩකලපුව පාරේ බරපතළ අනතුරක් - 24කට තුවාල - තිදෙනෙකුගේ තත්ත්වය අසාධ්‍යයි

Report

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ උප්පාරු ගඟ පාලම අසලදී පෞද්ගලික බස් රථයක් ගසක ගැටී අද (22) පස්වරුවේ අනතුරක් සිදුව තිබේ.

ත්‍රිකුණාමලයේ සිට මුතූර් දක්වා පොදු ප්‍රවාහනයේ යෙදී සිටි බස්රථය, ත්‍රිකුණාමලයේ සිට මුතූර් දක්වා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බව සඳහන්ය.

අනතුරෙන් තුවාල ලැබූ මගීන් 24කට ආසන්න සංඛ්‍යාවක් මුතූර් මූලික රෝහලට ඇතුළත් කර ඇත.

ඔවුන්ගෙන් බරපතළ තුවාල ලැබූ සිව්දෙනෙකු ත්‍රිකුණාමලය මහ රෝහල ඇතුළත්කර ඇති අතර, ඉන් තිදෙනෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තාවේ.

තුවාල ලැබූ මගීන් තවත් කිහිප දෙනෙකු කින්නියා සහ මුතූර් රෝහල්වල ප්‍රතිකාර ලබන බව පොලිසිය පැවසීය.

අනතුර හේතුවෙන් පැය කිහිපයක් ගමනාගමනයට බාධා එල්ල වී තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් කින්නියා පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.


වෙසක් සතිය මැයි 27 සිට ජූනි 2 දක්වා - අමතර නිවාඩු දිනයක් ගැන විශේෂ නිවේදනයක්

වෙසක් සතිය මැයි 27 සිට ජූනි 2 දක්වා - අමතර නිවාඩු දිනයක් ගැන විශේෂ නිවේදනයක්

නිවාස අහිමි වූවන්ට රුපියල් ලක්ෂ 50ක්

නිවාස අහිමි වූවන්ට රුපියල් ලක්ෂ 50ක්